ඉන්දීය නළු IRFAN KHAN ජීවිතයෙන් සමුගනියි.
අති දක්ෂ ඉන්දීය නළුවකු වූ Irfan Khan මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අප්‍රේල් මස 29 වැනිදා උදෑසන මුම්බායි නගරයේ රෝහලකදී ඔහු මියගොස් ඇති බව පැවසෙනවා.
කලක් තිස්සේ ඔහු රෝගී තත්වයෙන් පසුවෙමින් ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්. මීට පෙර අවස්ථාවකදී අසාධ්‍ය තත්වයට පත්වූ ඔහු ඉන්දියාවේත්, එංගලන්තයේත් වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලැබුවා. ඔහු රංගනයෙන් දායක වූ Angrezi Medium චිත්‍රපටය පසුගිය මාර්තු 13 වැනිදා සිට තිරගත වීමට නියමිතව තිබුනා. චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා ඔහු දායක නොවන බව පවසා තිබුනේත් ඔහුගේ අසනීප තත්වය නිසාමයි.
1967 ජනවාරි 07 වැනිදා ඉන්දියාවේ රාජස්තාන් ප්‍රදේශයේ උපත ලැබූ ඔහු 1985 සිට රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටියා. අතිශය ජනප්‍රිය ජාත්‍යන්තර මට්ටමේ සිනමා ව්‍යාපෘති කිහිපයකටම සම්බන්ධ වීමට ඔහුට හැකියාව ලැබුනා. The Warrior (2001), The Namesake (2006), The Darjeeling Limited (2007), ඇකඩමි සම්මාන දිනාගත් Slumdog Millionaire (2008), New York, I Love You (2009), The Amazing Spider-Man (2012), Life of Pi (2012), Jurassic World (2015) Inferno (2016). ඒ අතරින් විශේෂයි. මියයන විට Irfan Khan 53 වැනි වියේ පසුවුනා.
Written by Nisanka Weheraduwa