එසඳ ඒ සඳත් බැසගොසිනි

Avatar Nisanka Weheraduwa | April 29, 2018 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

දශක හයකට අධික කාලයක් තිස්සේ දේශීය සිනමාව පෝෂණය කළ ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් අද (29 වැනිදා) රාත්‍රියේ අවසන් ගමන් ගියා. දින කිහිපයක සිට රෝගී තත්වයෙන් රෝහල් ගතකොට සිටි ඔහු රාත්‍රී 8.45ට පමණ අවසන් හුස්ම හෙලු බව පැවසෙනවා. මියයන විට ආචාර්ය ලෙස්ටර් 99 වැනි වියේ පසු වුනා.

1919 අප්‍රේල් 05 වැනිදා දෙහිවලදී ලෙස්ටර් උපත ලබනවා. ඒ James Francis Peries වෛද්‍ය වරයාගේ සහ Ann Gertrude Winifred Jayasuriya ගේ පුතකු ලෙසින්. Erica, Ivan සහ Noel නමින් ඔහුට සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් වනවා. St. Peters college හි පාසල් අධ්‍යාපනය ලබන ආචාර්ය ලෙස්ටර් Daily news සහ The times of ceylon පුවත්පත් සමග එක්ව සිය වෘත්තීය ජිවිතයට පියවර තබනවා.

1949 සිට සිනමාවේදියෙක් ලෙස කටයුතු කිරීම ආරම්භ කරන ආචාර්ය ලෙස්ටර් 2006 වසර දක්වාම සිනාමා නිර්මාණකරණයේ යෙදෙනවා. ඔහු අතින් නිර්මාණය වුනු මුළු චිත්‍රපට ගණන 28කට අධිකයි. වෘතාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට මෙන්ම වාර්තා චිත්‍රපටද මිට ඇතුළත්. ආචාර්ය ලෙස්ටර් නිර්මාණය කළ රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලියුගය, අවරගිර, යුගාන්තය වැනි චිත්‍රපට සුවිශේෂී ගනයේ ලා සැලකෙනවා. එමෙන්ම ඔහු අතින් නිර්මාණය වුනු වෑකන්ද වලව්ව චිත්‍රපටය ඉතිහාසයට එක වන්නක්. එනම් ඇකඩමි සම්මාන උළෙල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකීය චිත්‍රපටය ලෙස එය ඉතිහාසයට එක්ව තිබෙනවා.

දේශීය සිනමාව උදෙසා නිර්මානකාරයෙන් මතු නොව බොහෝ අංශයන්ගෙන් දායකත්වය සැපයු හෙතෙම වර 99ක් ආයු වළඳා අද එනම් අප්‍රේල් 29 වැනිදා අවසන් ගමන් ගියා. දේශීය සිනමාවේ කෘතහස්ත සිනමාවෙදියාණනි, ඔබට සුබ ගමන්….

Share

84 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.