ඔය මළ ගෙවල් වල ගිහින් කාටද හරියන්නේ…?
රුවන්වලට සමාන නමක් ඇති නවක නිළියක් මේ ළඟදී කනගාටුදායක ප්‍රකාශයක් කළා. ඇය ලස්සනට ජීවිතේ ගැන කියා දෙන චිත්‍රපටයක (තිරගතවීමට නියමිත) ප්‍රධාන චරිතයක් රඟපාන නවක නිළියක්.
කතාව මෙහෙමයි. මේ නවක නිළියයි තවත් කලාකරුවන් පිරිසකුයි එක්තරා රූගත කිරීමකට සහභාගී වුණා. ඒ පසුගිය සිකුරාදා දවසේ. මේ අතරතුරේ අපේ රටේ කීර්තිමත් මාධ්‍යවේදියකු වූ අපේ හිතවත් නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ හදිසි අභාවය ගැන මේ අයට දැන ගන්නට ලැබුණා. මෙතන රැස්ව සිටි පිරිස මේ වැඩේ හමාර වී නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යාම සඳහා සෙසු අයගෙන් අදහස් විමසුවා.
මේ අවස්ථාවේ ප්‍රවීණ පිරිස අර නවක නිළියටත් මේ කටයුත්තට ආරාධනා කළා. මේ නිළිය ගත් කටටම කීවේ “ඔය මළ ගෙවල් වල ගිහින් කාටද හරියන්නේ…?යනුවෙනි.
බලමුකෝ ඒකෙත් හැටි නේද…….
– සංජීව සම්පත්-සරසවිය
Written by Cinema.lk A


