කලර් තහනම් කළ යුතුයි
‘කලර්’ අධ්යක්ෂ ඉසුරු වීරසිංහ මුදළි චෝදනාවලට පිළිතුරු දෙයි
ඉසුරු වීරසිංහ මුදළි යන නාමය සමාජගත වන්නේ ‘කලර්’ චිත්‍රපටය තිරගතවිමත් සමඟිනි. එහි අධ්යක්ෂවරයා වූ හෙතෙම සිනමාවට ආගන්තුක නමුදු වෙනස් ආකෘතියක් ස්පර්ෂ කොට තැනූ කලර් සිනමා සිතුවමට බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රියතාවයක් දක්වන්නේ එය විඳිය හැකි චිත්‍රපටයක් බැවිනි. මේ වන විට ‘කලර්’ ගැන විවිධ මතිමතාන්තර සාමාන්‍ය ජනතාව අතරේත් විශේෂයෙන් සිනමා ක්ෂේත්රයේත් පැතිරෙමින් පවතියි. ඒවා අතර මහත් ආන්දෝලනාත්මක රාවයක් ද තිබෙයි.
ඒ ‘කලර්’ තහනම් කළ යුතු චිත්‍රපටයකි යන්නයි. ආරංචියේ හැටියට ප්‍රකාශ කොට ඇත්තේ මෙරට පිළිකා නිවාරණ සංවිධානයක් මඟිනි. ඒ පිළිබඳ අප ඇසූ පැනයන්ට ඔහු පිළිතුරු බැඳි අයුරුයි මේ.
ඉසුරු ‘කලර් තහනම් කළ යුතු යැයි’ වත්මනෙහි පවතින රාවය ඇත්තද?
ඔව්. මේක ගොඩ නගලා තියෙන්නේ පිළිකා සරණ සංගමය නම් වූ සංවිධානයක්. එහි වෛද්‍යවරියක් සති අන්ත ජාතික පුවත්පතක් හරහා කලර් තහනම් කළ යුතු යැයි පවසා තිබෙනවා. එම ආර්ටිකල් එක එහෙම් පිටින්ම ඉන්ටර්නෙට් එකටත් දාලා. මට උත්තර දීලා ඉවරයක් නැහැ. ඔවුන් කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවකු අධික ලෙස මත්පැන් සහ දුම් පානය කරන අන්දම පෙන්නනවලු චිත්‍රපටයෙන්. ‘මතට තිත’ සංකල්පය යටතේ එය අතිශය වැරැදි ක්‍රියාවක් බවට වැඩිදුරටත් කියා තිබෙනවා.
ඉතින් එම දර්ශනයන් චිත්රපටයෙහි තියනවා නේද?
තියනවා. ඒ වුණත් මත්පැන් දුම්වැටි බීලා පොරක් වෙන්න පුළුවන් කියලා නෙවෙයි චිත්‍රපටයේ පෙන්වන්නේ. එහෙම තියෙද්දී මෙවැනි ප්‍රකාශයක් කිරීම බරපතල වැරැද්දක්. චිත්‍රපටය ආරම්භ වන්නෙත් කමල් ඉස්පිරිතාලෙන් එළියට එන දර්ශනයකින්. පසුව හොඳටම කහිනවත් පෙන්වනවා. ඔහු මිය යන දවසට කලින් දා මත්පැන් බොනවා. ඇත්තෙන්ම ඔහු මේවා පාවිච්චි කරන්නේ තමන්ගේ ජීවිතයට තියෙන ආසාවකට නෙවෙයි කියලා පැහැදිලිවම දන්නවා. තව දෙයක්, කලර් හි කමල්ගේ තරුණ කාලයේ ඔහු මත්පැන් බොන්නේ නැහැ. ඔහු ඒවාට ඇබ්බැහි වන්නේ මහළු වුණාට පස්සේ. චිත්‍රපටය නැරැඹූ අයට මං මේ මොකක්ද කියන්නේ කියලා පැහැදිලි වෙයි. කෙටියෙන්ම කිව්වොත් කලර් හි මත්පැන් දුම්වැටිහි ආදීනව තමයි පෙන් වන්නේ. සිහි බුද්ධියක් ඇති අයකුට නම් එය පැහැදිලි වනවා. එහෙම නොවිච්ච නිසයි මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් වෙන්නේ.
ඔබ මේ පිළිබඳ වගකිව යුතු අයට දැන්නුවාද?
මං මේ ආරංචිය දැනගත් වහාම ඒ ගැන වැඩිදුරටත් සොයා බලලා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට දැන්නුවා. එතනින් සම්මත වෙලානේ චිත්‍රපටය ශාලාවලට ආවේ. ඔවුන් කිව්වේ නම් සත පහකටවත් මේක ගණන් ගන්න එපා කියලා. ඒ කතාව අහලා ඇත්තටම මං ශක්තිමත් වුණා.
ඒ කියන්නේ ඔබ යම්තාක් දුරට හෝ මානසිකව ඇද වැටිලයි උන්නේ?
කලර් කියන්නේ මං බොහොම වැර වෑයමෙන් හදපු චිත්‍රපටයක්. 2001 ඉඳන් මං එහි පිටපත ලියන්නේ. ප්‍රියන්ත මංසිළු හරහායි මට මෙහි නිෂ්පාදකතුමන්ව මුණ ගැසුණේ. මෙතෙක් දුර කලර් ගේන්න වැය කළ ශ්‍රමය අපමණයි. ඒ නිසා මෙවැනි දෙයක් අහපු හැටියේ හිත ටිකක් සසල වුණා. විශේෂයෙන් මම මත්පැන් දුම්වැටිවලින් තොර කෙනෙක්. මගේ නියෝගයෙන් අපේ සෙට් එකටවත් කිසිම කෙනෙක් අරක්කු ගෙනාවෙත් නැහැ. විනයක් ඇතුවයි කලර් රූගත කළේ. එහෙම තියෙද්දී අරක්කු ප්‍රවර්ධනය කරන්න මං චිත්‍රපටයක් නිර්මාණය කළා කියලා ලේබල් එකක් වැදුනම ඇතිවන තත්ත්වය අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.
කමල් අද්දරආරච්චි ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. සාමාන්‍යයෙන් තරු කරන කියන දෑ අනුකරණය කරන්න බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා?
ජනප්‍රිය අය කළයි කියලා ඒක සමාජයේ කවුරුන් හෝ ඒ දේම කරයි කියල මං විශ්වාස කරන්නේ නැහැ. එහෙම නම් ජනප්‍රිය නළුවෙක් වකුගඩුවක් දන් දුන්නොත්, අනියම් සබඳතාවක් ඇතිකර ගත්තොත්, ඒකත් මිනිස්සු කරන්න එපායැ. අනික කමල් මෙහි මත්පැන් පානය කරන්නේ හරිම සුන්දරව නෙවෙයි. අපි මේකට ඇත්ත මත්පැන් යොදා ගත්තෙත් නැහැ. ඒක නිසා ‘කලර්’ බලලා මත්පැන් සිගරට් බොන්න පණ ඇති මනුස්සයෙක් නම් හුරු වෙනවා බොරු.
කලර් සඳහා මුදල් වියදම් කළේ ලංකාවේ ජනපි‍්‍රය මත්ද්‍රව්‍ය සමාගමක් කියලා හිතෙන්න පුළුවන් කාට හෝ?
මං ඒක ඔප්පු කරලා පෙන්නන්න යැයි අභියෝග කරනවා. එහෙම ආයතනයක් වියදම් කළා නම් මීටත් වැඩිය යහමින් මුදල් වැය කරලා ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් කරනවා. කලර් පිඹුරුපත් සකස් කිරීමේ සිට අද ඇලවෙන පෝස්ටරය දක්වා අපේ නිෂ්පාදකතුමන්ගේ සල්ලි. අපි ඒවා බොහොම අරපිරිමැස්මෙන් පාවිච්චි කළේ.
මේ වන විට කලර් නරඹන්න යන ප්‍රේක්ෂකයන්ගේ අඩුවක් ඇතිව තිබෙනවාද?
ඇත්තම කියන්නම්. ඔවැනි තත්ත්වයක් උද්ගත වෙලා තියනවා. පවුල් පිටින් කලර් බලන්න යන්නට පෙර දෙවතාවක් හිතනවා. ඒ විතරක් නෙවෙයි මත්පැන්, දුම්වැටිවලින් තොර මගේ කීර්ති නාමයටත් සියයට සියයක් හානි වුණා. ඒ තරම්ම කුහක ප්‍රකාශයක් ඒක. සිදු වූ විනාශය බොහොමයි.
ඔබ නීතියේ පිළිසරණ පතන්නට සූදානමින් ද සිටින්නේ?
එච්චර දුර දිග යන්න හිතාගෙන නැහැ. ඔවුනට මේ ප්‍රකාශය ඒ අයුරින් ඉදිරිපත් නොකොට එක්කෝ මත්ද්‍රව්‍ය ගැන හානිය පෙන්වා දෙන්න හෝ එම දර්ශන කපා ඉවත් කරගන්න යැයි මට කියන්න තිබුණා. දැන් ඒ සිදුවීම වෙලා ඉවරයි. මගේ යෝජනාවකට අනුව චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීමට ප්‍රථම ‘දුම්වැටි සහ මත්ද්‍රව්‍ය අකල් මරණයකට හේතුªවේ’ යන වදන් පෙළ තිරය මත පෙන්වන්න අපි සැලසුම් කොට සිටිනවා.
සේයාරුව – මාලන් කරුණාරත්න | ප්‍රසාද් සමරතුංග – සරසවිය
[Related] Colour Sinhala Film Full Review
Written by Cinema.lk