කෙටි චිත්‍රපට අටක් එකදිගට – ජූලි 04 වැනිදා

Avatar Nisanka Weheraduwa | July 3, 2018 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

ජර්මානු සංස්කෘතික ආයතනය සහ Agenda 14 එක්ව සංවිධාන කෙරෙන මාසික සිනමා දැක්ම ජූලි මාසයේ වැඩසටහන පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා. “July film forum” ලෙස නම්කොට ඇති මෙම වැඩසටහන ජූලි මස 04 වැනි බදාදා පැවැත්වීමට නියමිතයි. සවස 6.00 සිට ජර්මානු සංස්කෘතික ආයතනය (Goethe Institute) හිදී මෙම චිත්‍රපට දැක්ම සුපුරුදු පරිදි පැවැත්වෙනවා. මෙවර වැඩසටහන සඳහා කෙටි චිත්‍රපට අටක් තිරගත කිරීමට නියමිතයි.

එදින තිරගත වීමට නියමිත කෙටි චිත්‍රපට අට මෙසේයි.

A story nobody cares about     –  Thisara mangala Bandara

Dragonfly Scream          –  Sumudu Athukorala

Where’s my route           –  Sudath Abesiriwardhane

Fire of life                        – Dhananjaya Bandara

By the sea                         – Bhavaneedha Loganathan

Walv                                  – Mahasen Kalahe

Hope                                 – Fathima Shanaz

Charisma of god             –  Kelum Kaluhannadige

 

මෙම චිත්‍රපට අට තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙන බවත් සඳහන්. චිත්‍රපට සියල්ල  දේශීයව හෝ ජාත්‍යන්තරව කිසියම් ඇගයීමකට ලක්වූ චිත්‍රපට බව පැවසෙනවා. සවස 6 සිට කෙටි චිත්‍රපට තිරගත කිරීම සිදුකිරීමෙන් අනතුරුව එම නිර්මාණකරුවන් සමග සංවාදයක් පැවැත්වීමටත් අපේක්ෂා කෙරෙනවා. මෙම චිත්‍රපට නරඹා සිනමාකරුවන් සමග කතාබහට එකතුවන ලෙස සංවිධායකයින් විවෘත ආරාධනයක් සිදුකරනවා.

 

Share

78 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.