“කොහොමද honeymoon එක..? හොඳයි, ඒත් එයාට Condoms අමතකවෙලා”
තරුණ ස්වාමියෙක් එයාගේ බිරිඳ එක්ක බොහොම ලස්සන පරිසරයක ඇවිදගෙන යමින් ඉන්නවා. හිම වැටෙන සුන්දර සිතල පරිසරයක උදේ කාලයේ දර්ශනයක්. ස්වාමියාගේ අතේ තියෙන mobile එකට call එකක් එනවා. එහා පැත්තෙන් කතා කරන්නේ කාන්තාවක්. සමහරවිට ඔහුගේ මව. “කොහොමද honeymoon එක..?” ඇය අහනවා. හොඳයි, හොඳින් ගෙවෙනවා” ඒ ඔහුගේ පිළිතුර. ඊළඟට mobile එක මාරු වෙන්නේ ඔහුගේ බිරිඳට. ඒ ප්‍රශ්නයම නැවත අගෙනුත් අහනවා. “හොඳයි, විශේෂයක් නෑ, ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එයාට condoms ගෙන්න අමතක වෙලා” තව මොන මොනවාදෝ උත්තර දෙමින් ඇය දිගටම ඇවිද ගියත් ස්වාමියා එකතැන ගල්ගැසී නවතිනවා.
මේක ටිකක් සිනහ උපදවන විදිහේ කතාවක් නේද..? මේ බිරිඳ රූමි. රූමි කියන්නේ බොහොම නිදහසේ කෙළිලොල් විදිහට හැදුන තරුණියක්. ඇය ජිවත් වෙන්නේ දෙමව්පියන් එක්ක නොවෙයි. ඇගේ ප්‍රේමවන්තය සුන්දර දඟකාර කෙළිලොල් විලාසිතාවලට කැමති තරුණයෙක්. ඒ තමයි විකී. නමුත් විකී රූමිට මොන තරම් ආදරය වුනත්, ඔහුගේ පලවෙනි හීනය ජනප්‍රිය ගායකයෙක් වෙන එක. ඔහුගේ songs album එක කරන එක. මේ හීන අතරේ විකී රස්තියාදු වෙද්දී රූමිට ගෙදර අයගේ බලපෑම වැඩි වෙනවා කසාදයක් කරගන්න. අන්තිමේ විකී එක්ක මේ ගැටලුව ලිහාගන්න බැරි බව තේරුම් ගන්න රූමි දෙමව්පියන් කියන දෙයට එකඟ වෙලා යෝජිත විවාහයකට කැමති වෙනවා. ඇයට ලැබෙන්නේ ව්‍යාපාරික ස්වාමියෙක්. ඔහු Robbie Bhatia. බැලූ බැල්මට බොහොම සාම්ප්‍රදායික කතාවක් වගේ පෙනුනත් මේක ඊට වඩා ගැඹුරක් තියෙන සුන්දර ආදර කතාවක්. මේ කතාව මොකක්ද..? විකීට වගේම රූමිට මොකද වෙන්නේ.? මේ ගැන හරියටම දැනගන්න නම්, මේ දවස් වල තිරගත වන ජනප්‍රිය චිත්‍රපටයක් වන Manmarziyaan චිත්‍රපටය නරඹන්න වෙනවා.
Manmarziaan එහෙමත් නැත්නම් Husband Material කියන්නේ මේ චිත්‍රපටයේ නම. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වන Anurag Kashyap විසින්. හින්දි භාෂාවෙන් නිර්මාණය වුන Romantic comedy drama චිත්‍රපටයක් විදිහටයි මේක නිර්මාණය වෙන්නේ. Vickey Kaushal, Abhishek Bachchan සහ Taapsee Pannu චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. Amrit Trivedi සංගීත නිර්මාණය කරන මේ චිත්‍රපටයේ ගීත 14ක් ඇතුලත් වනවා. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 157ක්.
මේ දිනවල ඉන්දියාව වගේම ලෝකය පුරා බොලිවුඩ් සිනමා රසිකයින්ගේ අවධානය දිනාගත් Manmarziyaan චිත්‍රපටය ගැන තවත් අලුත්ම තොරතුරු cinema.lk හරහා බොලිවුඩ් සිනමා රසිකයින් වෙත ගෙන එන්න සුදානම්.
Written by Nisanka Weheraduwa