ගාමිණිගේ චිත්‍රපට 4ක් D.V.D පටයට

Avatar Cinema.lk A | October 8, 2012 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

සැප්තැම්බර් මස 30 වෙනි දිනට යෙදී තිබුණු හෙළ සිනමාවේ රජුන් ලෙස කිරුළු පලන් ගාමිණි ෆොන්සේකා කළාකරුවාණන්ගේ ගුණානුස්මරණයට සමගාමිව ටොරානා මුවීස් වෙනුවෙන් කුමාර් කොතලාවල මහතා විසින් කලකට ඉහතදී එළිදැක් වු ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපට 4ක් සහ එක් ටෙලි නාට්‍යයක් නැවත D.V.D පට ලෙස එළිදැක්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

මෙම චිත්‍රපට අතරට ගාමිණී අධ්‍යක්ෂණය කළ පරසතු මල් චිත්‍රපටයද ආන්දෝලනාත්මක කතා පුවතක් රැගත් චිත්‍රපටයක් වු සාගරයක් මැද සිනමා නිර්මාණද ඇතුළත්.තවද ගාමිණි සමග අයිරාංගනී,වීණා,රවීන්ද්‍ර,රගපෑ රංජිත් කුරුප්පු විසින් අධ්‍යක්ෂණය කළ පවන රළුවිය චිත්‍රපටයද සිංහල සිනමාවේ සාර්ථකම විනෝදාත්මක චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වු ලෙනින් මොරායස්ගේ ආවා සොයා ආදරේ චිත්‍රපටයද ඩී.බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂකණය කළ ගාමිණී රගපෑ එකම ටෙලි නිර්මාණයවු සුදු සුහ කළු ද මේ නිර්මාණ ගොන්නට අයත්වේ.

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.