ජෝන් ඒබ්‍රහම් රඟන නවතම චිත්‍රපටය – පරමාණු
බොලිවුඩ් චිත්‍රපට අතරට අලුතින්ම එක්වන චිත්‍රපටයක් ගැනයි මේ තොරතුරු. පසුගිය 25 වැනිදා සිට ඉන්දියාවේ මෙම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වුනා. චිත්‍රපටය නම්කොට අත්තේ “පරමාණු” නමින්. 2017 වර්ෂයේ නිෂ්පාදනය වන මේ චිත්‍රපටය තොරතුරු සිනමලෝලින් වෙත නිකුත් කෙරුනේ 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට. එතැන් පටන් චිත්‍රපටය තිරගත වීම් ඇරඹෙන තුරු ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් පසුවූ බව සඳහන්. පරමාණු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වුනේ ජෝන් ඒබ්‍රහම් වීමත් මීට විශේෂ හේතුවක් වුනා.
1998 වර්ෂයේ ඉන්දියාවේ සිදුවූ න්‍යෂ්ටික අත්හදා බැලීමක් වටා ගෙතුනු කතාවක් චිත්‍රපටයට පදනම්ව තිබෙනවා. “Indian historical action drama film” කාණ්ඩය යටතේ මෙම චිත්‍රපටය වර්ගීකරණය කොට තිබෙනවා. Abhishek Sharma අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට Saiwyn Quadras තිර රචනයෙන් දායක වුනා. ඉන්දියාවේ රාජස්තාන්හි Pokhran ප්‍රදේශයේ 1998 වසරේ සිදුකළ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමේ පිපිරීමක් පදනම් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. ජනප්‍රිය නළු ජෝන් ඒබ්‍රහම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Ashwat Raina ලෙස රංගනයෙන් දායක වනවා. ඊට අමතරව Captain Ambika Bandopadhyay ලෙස රංගනයෙන් දායක වන්නේ Diana Penty. Boman Irani සහ Anuja Sathe චිත්‍රපටයට අනිකුත් චරිත ඔස්සේ රංගනයෙන් දායක වනවා. ප්‍රේක්ෂක අවධානය දිනාගත් මේ චිත්‍රපටය තිරගත වීම් අරඹා සතියක් තුළ විශාල ජනප්‍රසාදයක් දිනාගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා.
Written by Nisanka Weheraduwa
