ජෝ අබේවික්‍රම අවසන් වරට රඟපෑ ‘අභිනික්මන’ 19දා (හෙට) සිට

Avatar Cinema.lk | April 18, 2013 158 Views 0 Likes 0 Ratings

158 Views 0 Ratings Rate it

පිටිසරබදව පිහිටි විහාරස්‌ථානයක වැඩ වෙසෙන බුද්ධදස්‌සී සාමණේරයන් වහන්සේ ස්‌වකීය අබල දුබල මව්පියන් කෙරෙහි නිරන්තරයෙන්ම බැඳුණු සිතින් යුතුව පසුවෙයි. රූපස්‌වභාවයෙන් හෙබි තිස්‌ දෙහැවිරිදි උන්වහන්සේ මවත්, පියාත් රෝග පීඩාදියෙන් පෙළෙන්නට වන කල නිවසට පැමිණ ඇප උපස්‌ථානයෙහි යෙදීමට එහි රැඳී සිටියි.

මෙවැනි කාරණා හේතුවෙන් බුද්ධදස්‌සී සාමණේරයන් වහන්සේට විහාරස්‌ථානයේ රැඳී සිටීමේ ඉඩකඩ ඇහිරී යයි. බණ දහම් උගෙනීමට ඇති කාලය අප්‍රමාණ ලෙස සීමා වෙයි. ධර්ම ඥනය ලබා ගැනීමේ අරමුණ ඇතිව ගිහියකු විමසන පැනයනට නිවැරැදිව පිළිතුරු සැපයීමට උන්වහන්සේ අපොහොසත් වෙයි. එපමණකුදු නොව උන්වහන්සේ අසරණ භාවයට සහ ලඡ්ජාවට පත්වෙයි. බුද්ධදස්‌සී හිමි කාරුණික වූවද, පරිත්‍යාගශීලී වුවද විහාරස්‌ථානයේ නාහිමියන්ගේ දෝෂ දර්ශනයට පාත්‍රවෙයි.

එහෙත් එහිමියෝ ප්‍රඥව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ පරිත්‍යාගය යන ගුණාංග මනාකොට ප්‍රකට කරවයි. බුද්ධදස්‌සී හිමියන්ගේ නිවසට පෙනෙන නොපෙනෙන මානයේ ඇති නිවසක වෙසෙන සීදේවී, ඇතැම් දිනයන්හි මෙහි යයි. එයි. යහපත් රූමත් ඇය උමතු රෝගින්ට ප්‍රතිකාර සිදු කරන පාරම්පරික වෛද්‍යවරයකුගේ දියණියකි. අශීලාචාර දඩබ්බර ගති පැවතුම්වලින් තොර වූ ඇය, බුද්ධදස්‌සී හිමි කෙහෙරි ආලවන්ත සිතක්‌ ඇති කරගත් නමුත් කිසිදු විටෙක එය වචනයෙන් ප්‍රකාශ නොකරයි. එහෙත් ඇගේ හැඟීම් අවබෝධ කරගන්නා බුද්ධදස්‌සී හිමි සංඝ භූමිකාවේ ගෞරවයට අබමල් රේණුවක හෝ කිළුටක්‌ ඇති නොවන ආකාරයෙන් තම ඇවතුම් පැවතුම් පවත්වාගෙන යයි. උන්වහන්සේ ඉන්ද්‍රකීලයක්‌ සේ නොසැලෙන මනසින් පසුවෙයි. ඉනික්‌බිතිව මේ ගිහි පැවිදි සමාජය අතර කුමක්‌ සිදු වන්නට ඇතිද? කුමක්‌ සිදු වුවද එය ඔබට නුදුරේදීම දැක බලාගත හැකිය. “අභිනික්‌මන” ඒ සියල්ලටම පිළිතුරු ඔබට පසක්‌ කරනු ඇත.

ජෝ අබේවික්‍රමයන් අවසන් වරට රංගනයෙන් දායක වූ හෙක්ටර් කුමාරිසිරිගේ මෙම සිනමා පටය මෙම මස 19 වැනිදා සිට රීගල් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගත වීමට නියමිත යි.

 

Cast & Crew      Picture Gallery      Movie Trailer

Share

158 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.