තිසරගේ “ලබ්බේ තොවිලේ” කෙටි චිත්‍රපටය සහ සංවාදය
Center for poverty analysis (CEPA) ආයතනය කෙටි චිත්‍රපට තිරගත කිරීමක් සහ තවත් කලා අංගයක් සමග වර්ණවත් සැන්දෑවක් සංවිධාන කොට තිබෙනවා. පළමු අංගය වශයෙන් කෙටි චිත්‍රපටයක් තිරගත කිරීම සහ ඒ පිලිබඳ සංවාදයක් පැවැත්වීම සිදු කිරීමට නියමිතයි. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ “ලබ්බේ තොවිලේ” සම්මානනීය කෙටි චිත්‍රපටය මෙදිනට තිරගත වනු ඇති. චිත්‍රපට දර්ශනයෙන් අනතුරුව ඒ පිලිබඳ සංවාදයක් සඳහා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහභාගී වීමට නියමිතයි.
ඔක්තෝබර් 31 වැනිදා සවස 4.30ට මෙම චිත්‍රපටය තිරගත කිරීම සිදු වනවා. අංක 29, ආර්.ජී.සේනානායක මාවත කොළඹ 07 යන ලිපිනයේ පිහිටි CEPA ආයතනයේදී මෙම වැඩසටහන පැවැත්වෙනවා. කෙටි චිත්‍රපට දර්ශනය ඇතුළු එදින වැඩසටහනට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන්නේ නම් 0770715595 අංකය අමතා පැමිණීම තහවුරු කරන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටිනවා.
Written by Nisanka Weheraduwa

