දකුණු ආසියාතික සිනමාව හරි අමුතුයි – ධනුෂ්ක ගුණතිලකගේ සටහනක්
දේශීය සිනමාව, සිනමාකරුවන් සහ ජාත්‍යන්තර සිනමා උළෙල පිළිබඳවත් මෙරට තරුණ සිනමාකරුවන් ජාත්‍යන්තරය සමග ගණුදෙනු කිරීමේ අඩුවක් පැවතීම සහ ඊට හේතු පිළිබඳවත්, සම්මානනීය සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු වන ධනුෂ්ක ගුණතිලක ඔහුගේ facebook පිටුවේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබුනා. ඒ සටහන මෙසේයි.
**************************************************************************
පසුගිය වසර කීපය තුල අන්තර්ජාතික සිනමා උළෙලවල් දිහා බැලුවම, පැහැදිලිව පෙනෙන දෙයක් නම් බංගලාදේශය හා නේපාලය යන රටවල් වලින් සෑම වසරකම අලුත් සිනේමකරුවන් බිහිවෙනවා. කලින් සම්මාන හෝ funds ලැබුණු අය නවකයින්ට producer ල වශයෙන් ඉදිරිපත්වෙලා ඉදිරියට එන්න සහය දක්වනවා. ඒකනිසා අන්තර්ජාතික මට්ටමෙන් සිනම්වට පිවිසෙන තරුණ සිනමා කරුවන් ගණනාවක් අපිට හමුවෙනවා .
එත් ලංකාවේ ඒකෙ අනිත් පැත්ත. කාටහරි FUND එකක් ලැබුනොත්, තව අවුරුදු 10කටවත් කාටවත්ම එන්න දෙන්නේ නැහැ. සිනමාව එපා වෙනකන්ම එල්ලිලා ඉන්න හදනවා. තමන්ට චිත්‍රපටියක් නැතිවුනත්, බොරු සහ හොරකන් කරපු concept හරි දාල development fund එකක් හරි ගන්නවා. ඒකනිසා තමයි ලංකාවෙන් වසර 10කට යාන්තමි එකෙක් එලියට පනින්නේ. ඒ පනින එකා එක්කෝ රට පට්ට ගහනව නැත්තන් හොඳටම කඩේ යනවා. පවතින්න්න මොනවහරි කරනවා.
දැන් ගොඩ ගිය උන් ගියා. උන්ට බනින්න්නේ නතුව දැන්වත් Facebook එකෙන් එලියට බැහැල අනිත් sites ටිකකුත් කියවපල්ලා. නැත්තන් ලබන අවුරුද්දෙත් එකම මූණවල් තමයි බලන්න වෙන්නේ.
– ධනුෂ්ක ගුණතිලක –
Written by Nisanka Weheraduwa