“දරුවනේ“ චිත්‍රපටයේ ව්‍යාජ පිටපත්

Avatar Cinema.lk A | October 5, 2012 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

ලෝකයේ බොහෝ රටවල පවතින සිනමා කර්මාන්තයන් කඩා වැටීමට බලපාන ප්‍රධානතම හේතුවක් ලෙස ව්‍යාජ පිටපත් මුද්‍රණය හදුන්වා දෙන්න පුළුවන්.ඉන්දීය සිනමා කර්මාන්තය තුල වාර්ෂිකව සිදුවෙන මේ ව්‍යාජ පිටපත් මුද්‍රණය නිසා එරට සිනමා කර්මාන්තයද පත්ව ඇත්තේ මහත් අර්බුදකාරී තත්වයකටයි.දැන් දැන් ලංකාව තුළද මේ තත්වය දක්නට ලැබෙනවා

.2012.10.03 දිනදී සුනිල් ටී චිත්‍රපට නිෂ්පාදන සමාගම කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ අපරාද විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ අවට ප්‍රදේශයන් කිහිපයකම සෝදිසි මෙහෙයුමක් දියත් කරා.මෙහිදී කොටුව බෝධිය අසල පිහිටි ස්වයං රැකියා සඳහා වෙන්ව ඇති ප්‍රදේශයේ ඇති වෙළඳ කුටි දෙකකින් “දරුවනේ“ චිත්‍රපටයේ ව්‍යාජ පිටපත් 105ක් සහ 15ක් ද ඒවා අලෙවි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනුනා.ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින මේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රමවත් නීති පද්ධතියක අවශ්‍යතාවය දැන් දැන් තදින්ම දැනෙන බවයි වැඩිදෙනා පවසන්නේ.

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.