දැකල පුරුදු කෙනෙක් ඔස්ට්‍රේලියාවේ තිරගත කෙරෙයි
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ, භූපති නලින් තිරරචනය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර දෙකක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. අගෝස්තු මස 11 වැනිදා මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනු ඇති. Chandler theatre, Isaac road, Keysboroughහිදී චිත්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතයි.
සවස 2.30 සහ 6.30 වශයෙන් දර්ශන වාර දෙකක් සංවිධාන කොට තිබෙනවා. 2.30 සිනමා දර්ශනයෙන් පසුව තේ සහ කෝපි සිනමා සංවාදයක් පැවැත්වෙනවා. ප්‍රවේශපත්‍රයක මිළ $20ක්. සවස 6.30 දර්ශනයෙන් පසුව වයින් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග සිනමා සංවාදයක් පැවැත්වීමට සුදානම්. ප්‍රවේශපත්‍රයක මිළ $25 වනවා.
0402894942 අංකයෙන් වරුණ හෝ 0421909711 අංකයෙන් ප්‍රර්ථනා ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට හැකියාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa