දැකල පුරුදු කෙනෙක් ගැන කතාබහක් රත්නපුරදී
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ, භූපති නලින් වික්‍රමගේ තිර රචනය කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සාර්ථක අන්දමින් තිරගත වනවා. චිත්‍රපටය පිළිබඳව සිනමාවට ලැදි බොහෝ දෙනෙක් කතාබහ වනවා. විශේෂයෙන්ම චිත්‍රපටයට විෂය වන සිදුවීම්, සහ ඊට දක්වන ප්‍රතිචාර සියලු දෙනාගේ ජිවිත තුළ පවතින හේතුවෙන් මේ චිත්‍රපටය වඩා සමීපව දැනෙන බව බොහෝ ප්‍රේක්ෂකයින් පවසා තිබුනා. චිත්‍රපටය තවත් සීමිත දින ගණනකට සිනමාහල්වල තිරගත වනවා.
මේ අතරතුර, චිත්‍රපටය සම්බන්ධයෙන් විද්වත් සිනමා කතිකාවක් සංවිධාන කිරීමට රත්නපුර කලා කේන්ද්‍රය කටයුතු යොදා තිබෙනවා. මාර්තු මස 26 වැනිදා සවස 4 සිට 6.30 දක්වා මේ සිනමා කතිකාව පැවැත්වීමට ඔවුන් සුදානම්. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මේ සිනමා සංවාද මණ්ඩපය පැවැත්වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ මලිත් හෑගොඩ, තිර රචක භූපති නලින් වික්‍රමගේ, ප්‍රගීත් අලුත්වත්ත, උපාලි අමරසිංහ, විදර්ශන කන්නන්ගර, ගීතිකා කුමාරසිංහ සහ කෞශල්‍යා ප්‍රනාන්දු මේ සංවාදයට සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වීමට නියමිතයි.
Written by Nisanka Weheraduwa