“දූ අනුරාධා” දශක හතරකට පසු අනුරාධා සමග යළිත්

Avatar Nisanka Weheraduwa | March 2, 2018 98 Views 0 Likes 0 Ratings

98 Views 0 Ratings Rate it

සංගීත නිපුන් සනත් නන්දසිරි දේශීය සංගීත ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක් පුරා අදටත් එක ලෙස ජනප්‍රියත්වය උසුලන ප්‍රවීණ සංගීතවේදියෙක්. ඔහුගේ එකම දියණිය අනුරාධා නන්දසිරි වෙනුවෙන් “දූ අනුරාධා” ගීතය ඔහු අතින් ගැයෙන්නේ මිට දශක හතරකට අධික කාලයකට මත්තෙනුයි. එදා මෙදා තුර මේ පිය මව්, දියණි තුන් කට්ටුවම ගීත රැසක් සමග මෙරට සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ රසික ආදරය නොමදව විඳිමින්.

ඒ මියුරු ගී රාවය රසිකයින්ට සජීවීව විඳීමේ අවස්ථාවක් උදා වනවා. දීර්ඝ කාලයකට පසුව උදා වන මේ විරල අවස්ථාව මෙරට සංගීත රසිකයින්ට රසාස්වාදනිය සැන්දෑවක් වන බවට කිසිදු සැකයක් නැහැ. සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි සහ අනුරාධා නන්දසිරි තිදෙනාම ගීතවත් වන මේ ප්‍රසංගය සිහෙල ටයිම් ඇන්ඩ් ස්පේස් සාඩම්බර ඉදිරිපත් කිරීමක්. මාර්තු මස 11 වැනිදා ඉරිදාවේ සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී මේ ප්‍රසංගය පැවැත්වෙනවා. පැරණි දූ අනුරාධා ගීතයට අනුරාධා එක්කළ නව නිර්මාණ ගීතයක් මේ ප්‍රසංගයේ තේමා ගීතය ලෙස යොදාගෙන තිබෙනවා. කාලාන්තරයකට පසු එළඹෙන මේ අපූරු ප්‍රසංගය නැරඹීම සඳහා දැන් රසිකයින්ට ප්‍රවේශපත් වෙන්කර ගැනීමට අවස්ථාව උදාකොට තිබෙනවා.

Share

98 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.