දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම දුෂ්ට චරිතය කවුරුන්ද..?
හත්වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන ප්‍රධානය කිරීම සඳහා සුදුස්සන් තෝරා ගැනෙන්නේ ප්‍රේක්ෂක ඔබේ මනාපයෙන්. මේ වනවිට ජනප්‍රියම නළුවා, නිළිය, සහ විකට නළුවා සඳහා වන නම් සහ අංක නිකුත් කොට අවසන්. ඒ අංක වලට අදාලව ඔබ කැමතිම ශිල්පියාට මනාපය පලකිරීමට අවස්ථාව උදාකොට තිබෙනවා. SMS මගින් මනාපය පලකිරීමට වගේම online votes සඳහාත් ඉදිරියේදී ඉඩ වෙන්කිරීමට නියමිතයි.
ජනප්‍රියම සම්මාන කාණ්ඩයේ තවත් එක විශේෂිත සම්මානයක් ප්‍රධානය කෙරෙනවා. ඒ, ජනප්‍රියම දුෂ්ට චරිතය සඳහා වන සම්මානයයි. මේ සඳහා පසුගිය වසරේ තිරගත කෙරුණු චිත්‍රපට අතුරින් චිත්‍රපට හයක චරිත හයක් නම්කොට තිබෙනවා. ඔබ වඩාත් කැමතිම දුෂ්ට චරිතය රඟපෑ නළුවා අභිෂේක ගැන්වීමට DFA හිස්තැනක් D හිස්තැනක් අදාළ අංකය යොදා 9900 වෙත SMS පණිවිඩයක් එවීම සිදුකළ යුතුයි. දැන් ඔබට ඒ සඳහා අවස්ථාව විවෘතයි.
Written by Nisanka Weheraduwa