ධනුෂ් සහ ට්‍රිෂා හොඳම නළුවා සහ නිළිය ලෙස සම්මාන ලබයි
අටවැනි දකුණු ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල පසුගියදා පැවැත්වුනා. ඩුබායි රාජ්‍යයේ දෝහා නගරය්දී මේ සම්මාන උළෙල පැවැත්වීමට මෙවර කටයුතු යොදා තිබුනා. සම්මාන උළෙලේදී දමිළ, කන්නඩ සහ තෙලිඟු යන සිනමාපට සඳහා වෙන වෙනම සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුනා.
මෙහි දමිළ චිත්‍රපට සඳහා වූ සම්මාන කාණ්ඩයේ හොන්දම් නළුවා ලෙස ධනුෂ් සම්මාන ලැබුවා. ඒ “චෙන්නායි වේදා” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. දකුණු ඉන්දීය නිළි ට්‍රිෂා හොඳම නිළිය ලෙස එම කාණ්ඩයෙන් සම්මාන ලැබුවේ “96” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙනුයි.
කන්නඩ සිනමාවේ වසරේ හොඳම නළුවා ලෙස යශ් සහ හොඳම නිළිය ලෙස රචිතා රාම් මෙම සම්මාන උළෙලේදී සාමනයට පාත්‍ර වුනා. KGF – Chapter 01 චිත්‍රපටය වෙනුවෙන් යශ් සම්මානය හිමිකරගෙන තිබෙනවා.
තෙලිඟු චිත්‍රපට අංශයේ හොඳම නළුවා ලෙස රාම් චරන් සහ නිළිය ලෙස ක්‍රිති සුරේෂ් මෙම සම්මාන උළෙලේදී සම්මාන ලබා තිබෙනවා.
Written by Nisanka Weheraduwa