නිල් චිත්‍රපට නිළි August Amesගේ මරණය අභිරහසක්ද..?
ලෝකය පුරා තරුණ තරුණියන් ඉතා හොඳින් හඳුනන ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක වන August Amesගේ මළසිරුර පසුගියදා සොයා ගැනුනා. කැලිෆෝනියා ප්‍රාන්තයේ කමරිලෝහිදී මෙලෙස අගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය තහවුරු කොට තිබුනා. නමුත් මෙතෙක් මරණයට හේතුව කුමක්දැයි සොයාගෙන නැහැ. කෙසේ නමුත් ඇය සියදිවි නසාගෙන ඇතැයි රාවයක්ද පැතිර යනවා. මියයන විට ඇය 23 වැනි වියේ පසුවුනා. කැනඩාවේ නොවා ස්කොටියා ප්‍රාන්තයේදී 1994 අගෝස්තු 23 වැනිදා උපත ලැබූ Augustගේ මුල් නම Mercedes Grabowskiයි. නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට වයස අවුරුදු 19දී පමණ පැමිණි ඇය මේ වනවිට චිත්‍රපට 290ක පමණ රඟපා තිබෙනවා. මේ සිදුවිම පවුලේ පෞද්ගලික කාරණයක් හෙයින් එම පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන්නැයි ඇගේ සැමියා මාධ්‍ය වෙතින් ඉල්ලීමක් කර තිබුනා.
Written by Nisanka Weheraduwa