කෝටි 240ක මුදල් ලබාගැනීමට ශ්‍රීදේවි ඝාතනය කලාද..? පරීක්ෂණ ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරෙයි

Avatar Nisanka Weheraduwa | May 11, 2018 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

සුපිරි ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් යලි පරීක්ෂණයක් සිදුකොට විමර්ශනයක් කළ යුතු බව ඉල්ලමින් ඉන්දීය අධිකරණය හමුවේ ගොනු කෙරුනු පෙත්සමක් නැවත වරක් නිශ්ප්‍රභ කොට තිබෙනවා. ඉන්දීය රජයේ අග්‍රවිනිශ්‍යකාර Dipak Misra විසින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කොට තිබෙන බව NDTV පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර වාර්තා කොට තිබෙනවා. (මැයි 11 වැනිදා ප.ව.12.07ට)  “We can’t interfere with the probe,” ලෙස විනිසුරුවරයා පෙත්සම් කරුවන්ට ප්‍රතිචාර දැක්වූ බවයි එම පුවත් සේවය වාර්තා කොට තිබෙන්නේ.

ඉන්දීය සුපිරි තරුවක් ලෙස කිරුළු පැළඳි ශ්‍රීදේවි අම්මාන් අයියප්පන් කපූර් පසුගිය පෙබරවාරි 24 වැනිදා ඩුබායි රාජ්‍යයේදී හදිසියේ මියගොස් තිබුනා. ඒ පිළිබඳව ලෝකය පුරා සිනමා රසිකයින් අතර ආන්දෝලනාත්මක මත ව්‍යාප්ත වුනා. එය හදිසි දියේ ගිලීමක් සහ විසඥ වීමක් හේතුවෙන් සිදුවූ බව වාර්තා කෙරුනද බොහෝවිට මෙය මිනීමැරුමක් විය හැකි බවට මතයක්  සමාජ ජාලා මාධ්‍ය හරහා දිගින් දිගටම ව්‍යාප්ත වුනා. කෙසේ නමුත් මේ පිලිබඳ මිට පෙරද පරීක්ෂණ ඉල්ලා පෙත්සම් දෙකක්  ඉදිරිපත්ව තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එම පෙත්සම් දෙකම ඉහත වාක්‍යම ඉදිරිපත් කරමින් නිශ්ප්‍රභ කර තිබුනා.

පෙත්සම්කරුවන්ගේ නීතිඥ වරයා අධිකරණයේ තරයේ කියා සිටියේ මෙය සැලසුම් කළ මිනීමැරුමක් බවට සාධාරණ සැකයක් පවතින බවයි. ඇගේ නමින් ඕමාන් රාජ්‍යයේ ඉන්දීය රුපියල් කෝටි 240ක වටිනාකමින් යුතු රක්ෂණයක් පැවති බවත්, එම මුදල් ලබා ගැනීමට නම් ඇය අරාබි රාජ්‍යයේදී මියයාම අනිවාර්යව තිබු බවත් පෙත්සම්කරුගේ නීතිඥයා තර්ක කළා. නමුත් මේ පිලිබඳ මැදිහත් වීමක් කළ නොහැකි බවට ඉන්දීය අධිකරණය තවදුරටත් තීන්දු කොට තිබෙනවා.

Share

77 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.