ප්‍රියංකා – නික් විවාහ මංගල්‍ය බොලිවුඩය කළඹයි
බොලිවුඩ් සිනමාවේ 2018 වර්ෂය කියන්නේ විශේෂ වසරක්. ජනප්‍රිය බොලිවුඩ් තරු දෙකක් ඔවුන්ගේ විවාහ මංගල්‍ය මේ වසරේ අවසන් මාස දෙක ඇතුළත පැවැත්වුවා. නොවැම්බර් මාසය වෙන් වුනේ දීපිකා පදුකෝන් සහ රන්විර් සිං වෙනුවෙන්. දෙසැම්බර් මාසය වෙන් වන්නේ ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස් වෙනුවෙන්.
දෙසැම්බර් පළවැනිදා Royal Umaid bhavan palace, Jodhpur වලදී ප්‍රියංකා සහ නික්ගේ පළමු විවාහ මංගල්‍ය පැවැත්වුනා. දෙවැන්න දෙසැම්බර් තුන් වැනිදා පැවැත්වෙනවා. තුන් වන්න දෙසැම්බර් 04 වනිදා පැවැත්වීමට නියමිතයි.
නික් ජෝනාස්ගේ පවුලේ ඔහුගේ දෙමව්පියන් වන Kevin Jonas, Denise Jonas, සහෝදරයා Joe Jonas , වගේම බාල සොහොයුරා Franklin Jonas සහ ඔහුගේ පෙම්වතිය Sophie Turner ඇතුළු පිරිස විවාහය වෙනුවෙන් ජෝද්පුර් වෙත පැමිණ තිබෙනවා.
විවාහ මංගල්‍ය උත්සවයේ සියලු කටයුතු සඳහා එක් එක් සමාගම් වෙත බාරදී තිබූ අතර ඒ සඳහා විශේෂිත ගිවිසුම් අත්සන් කොට තිබුණු බව පැවසෙනවා. යම් අයෙක් ගිවිසුම කඩ කළොත්, මුළු වටිනාකම එම පාර්ශවය විසින් ගෙවිය යුතු වන ලෙසිනුයි මේ ගිවිසුම් අත්සන් කොට තිබුනේ. කිසිදු පාර්ශවයකට මේ විවාහ උත්සවයට ජංගම දුරකථන රැගෙන එම තහනම් කොට තිබුනා. රූගත කිරීම් සියල්ල තහනම් වුනා. අධික ආරක්ෂක සැලසුමක් ඒ වෙනුවෙන් සකස් කොට තිබූ බව පැවසෙනවා.
කෙසේ නමුත් මේ විවාහයේ නිළ චායාරුප ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කරන බව ඔවුන් ප්‍රකාශ කොට තිබුනා.
Written by Nisanka Weheraduwa