පාර්ලිමේන්තුව මොන්ටිසොරියකටත් අන්තයි – යුරේනි
මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මොන්ටිසොරියකටත් අන්ත තත්වයකට පත්ව ඇතැයි රංගන ශිල්පී යුරේනි නොෂිකා පවසනවා. පවතින තත්වය පිළිබඳව cinema.lk සමග අදහස් දක්වමින් යුරේනි මේ බව ප්‍රකාශ කළා.
“ශ්‍රී ලංකාවේ පාර්ලිම්න්තුවේ ඉන්නේ මොන්ටිසෝරි ළමයින්ටත් වඩා අන්ත දුර්වල පිරිසක් බව ලංකාවාසීන් දැන් දන්නවා. ඔවුන්ගේ හැසිරීම මොන්ටිසෝරි ළමයින්ටත් වඩා පහත් ළදරු මට්ටමකයි තියෙන්නේ. මේ මොහොතේ කාගෙහරි පිට වරද පටවමින් තමන්ගේ ඇඟ බේරාගන්නා ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන් සියල්ලෝම හැසිරෙන ආකාරය හරිම ලජ්ජා සහගතයි. අහිංසක සිවිල් පුරවැසියන් මෙච්චර පිරිසක් මැරිලා තියෙනවා. දේපළ හානි සිද්ද වුනා. ආර්ථිකය කඩා වැටිලා. රට function වෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය නතරවෙලා. ඉන්න විදෙශිකයිනුත් රටින් පිටවෙමින් ඉන්නවා. හැබැයි මේ එකක්වත් මේ මොන්ටිසෝරි බබ්බු වගේ හැසිරෙන පාලකයින්ට ගාණක්වත් නැහැ. ඔවුන් හැමෝම තම තමන්ගේ ඊළඟ චන්දය වෙනුවෙන් Plans හදමින් එකිනෙකා පිට වැරදි පටවමින් ඉන්නවා. මේ තත්වය දකිද්දී හරිම කළකිරීමක් දුකක් වේදනාවක් දැනෙනවා. මොකක්ද මේ රට කියල හිතෙනවා” යැයි යුරේනි ප්‍රකාශ කළා.
තවදුරටත් අදහස් දැක්වූ රංගන ශිල්පිනි යුරේනි, “ආරක්ෂක ලේකම් කියනවා අපේ ආරක්ෂාව අපි සලසගන්න ඕනේ කියල, මොකටද එහෙනම් අපි ඔවුන්ව විශ්වාස කරලා පාර්ලිමේන්තු යැවුවේ. අපේ බදු සල්ලි වලින් සියලු සැප සම්පත් දීල ඔවුන්ව නඩත්තු කරන්නේ මොකටද..? මිලියන 21ක ජනතාවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ පිරිසට මේ මිලියන 21 ආරක්ෂා කරන්න බැරි නම්, පහසුකම් සලසන්න බැරි නම්, මොකක්ද මේ රට..? මේ රට කියන්නේ පින් බිමක්. පාරිසරිකව ඉතාමත් ලස්සන, ස්වභාවික විපත් අඩු මේ වගේ රටක් ලෝකේ තවත් නැහැ. හැබැයි මේ දේශපාලකයෝ ඔක්කොම එකතු වෙලා මේ ලස්සන රට කාලකන්ණි කළා. ජනතාව විදිහට අපි අපිටම ගහගන්න ඕනේ මේ වගේ මොන්ටිසෝරි ළමයි පාර්ලිමේන්තු යැවුවට” යයිද පැවසීය.
Written by Nisanka Weheraduwa
