පෙබරවාරියේ චීන සිනමා අත්දැකීමකට සැරසෙන්න
චීනය ගැන ලංකාවේ අපි විවිධ මාතෘකා හේතුවෙන් කතා කරනවා. විශේෂයෙන්ම දේශපාලනික කාරණා හේතුවෙන් චීනය ගැන ලාංකීය සමාජයේ අවධානය යොමුවන්නේ මෑතක නොවෙයි. කොමියුනිස්ට් චීනය, මාඕ සේතුංගේ පාලනය වගේ කාරණා රැසක් නිසා දේශපාලනිකව චීනය ගැන අපේ සමාජය දැනුවත්. නමුත් චීනයේ සිනමාව ශ්‍රී ලාංකිකයන්ට අත්විඳින්න ලැබුනේ නැහැ. තාක්ෂණික විප්ලවය නිසා දැන් ඒ අවස්ථාව උදාවෙලා තිබුනත් තවම චීන සිනමාව සමග රැඳෙන ලාංකික ප්‍රේක්ෂක ප්‍රමාණය අඩුයි. චීනයේ සිනමාව ගැන අවධානය යොමු කරන්න ඉතා හොඳ අවස්තාවක් වාර්ෂිකව ලාංකිකයන්ට ලැබෙනවා. ඒ චීන සිනමා උළෙල. චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මේ සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. 2019 වසරේ සිනමා උළෙල පෙබරවාරි 02 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට සියල්ල සුදානම්. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සිනමා උළෙල පැවැත්වෙනවා.
1896 වසරේ චීන සිනමාව ආරම්භ වූ බව සැලකෙනවා. 1905 වසරේ නිර්මාණය වුනු The Battle of Dinjunshan චිත්‍රපටය චීනයේ පලෙනි සිනමා නිර්මාණය ලෙස සඳහන්. Shanghai ප්‍රදේශයට පමණක් පළමු දශකයේ චීන සිනමාව ව්‍යාප්තව තිබුනා. 1931 වසරේ නිර්මාණය වුනු Sing-song girl red peony චිත්‍රපටය චීනයේ පළමු Sound film ලෙස සැලකෙනවා. 2010 වසරේ දත්ත අනුව ලෝකයේ තුන්වැනි ස්ථානය චීනයට හිමිවන්නේ වසරකදී නිර්මාණය කරන වෘතාන්ත චිත්‍රපට සංඛ්‍යාව අනුවයි. 2013 වසරේ දත්ත අනුව ලොව දෙවැනි විශාලම Film market ලෙස සැලකෙන්නේ චීන සිනමා කර්මාන්තයයි. එම වසරේ දත්ත අනුව බොක්ස් ඔෆිස් වාර්තාගත අගය ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් පමණ වුනා. ඒ අනුව දැවැන්ත සිනමා කර්මාන්තයක් හිමි චීනයේ සිනමාවෙන් තෝරාගත් කෘති කිහිපයක් රසවිඳින්නට ශ්‍රී ලාංකිකයින්ට දැන් අවස්තාව තිබෙනවා.
Date Time Film
2nd Feb 3.00pm Our shining days
2nd Feb 6.00pm Shock wave
3rd Feb 3.00pm I belonged to you
3rd Feb 6.00pm Battle of memories
4th Feb 6.00pm Kung Fu yoga
5th Feb 6.00pm Wolf totem
6th Feb 6.00pm Brotherhood of Blades
මේ සිනමාපට රසවිඳින්නට ශ්‍රී ලාංකික සිනමා රසිකයින් වෙත චීන තානාපති කාර්යාලය ඇරියුම් කර සිටිනවා.
Written by Nisanka Weheraduwa