පොංගල් දිනය වෙනුවෙන් TV දෙරණින් අලුත් වැඩක්

Avatar Nisanka Weheraduwa | January 11, 2018 104 Views 0 Likes 0 Ratings

104 Views 0 Ratings Rate it

ජනවාරි 14 වැනිදාට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් TV දෙරණ ප්‍රේක්ෂකයනට නව අත්දැකීමක් ලබා දීමට සුදානම්. ඉන්දීය දමිළ සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ සිනමාපටයක් දෙරණ නාලිකාවෙන් නැරඹීමට මේ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනවා. Vivegam චිත්‍රපටය 14 වැනිදා දහවල් 1.00 සිට දෙරණින් ප්‍රදර්ශනය වනවා. චිත්‍රපටයේ කතාව සහ තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණය සිවා ගෙන්. 2017 වසරේ නිර්මාණය වූ සිනමාපටය 2017 අගෝස්තු 24 වැනිදා තිරගත කෙරුනා. Ajit Kumar මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරනවා. හින්දි සිනමාවේ ජනප්‍රිය නළු Vivek Obaroi සහ Kajal Aggarwal, Akshara Hassan, ඇතුළු නළු නිළි පිරිසක් මේ සිනමාපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. තෛපොංගල් දිනයේ විවේකිව සිටින අතරතුර TV දෙරණ ප්‍රේක්ෂකයින්ට Vivegam සිනමාපටය රසවිඳිය හැකියි.

Share

104 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.