බහුචිතවාදියා – සිහින සහ යථාර්ථය මැද අතරමං වන තාරුණ්‍යයේ කතාව
දිගු කලක් තිරගත වනතුරු බලා සිටි, මාලක දේවප්‍රියගේ සම්මානනීය බහුචිතවාදියා (The Undecided) ලාංකීය සිනමාපටය දැන් දිවයින පුරා සිනමා හල් රැසකදී තිරගත වනවා.
ජීවිතය ගැට ගසා ගැනීම පිණිස විවිධ මාර්ග ඔස්සේ දිවයන ලාංකීය තාරුණ්‍යය, අවසානයේදී සිය සිහින අතහැර දමමින් යාන්ත්‍රික – තාක්ෂණික ලෝකය හමුවේ තවත් එක් මෙවලමක් පමණක් බවට පත්වෙන පසුබිමක, මාලක දේවප්‍රිය විසින් සිය සිනමාපටය ඔස්සේ ඔවුන්ගේ ඒ ඛේදනීය කතා පුවත සිනමාවට එක් කරනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කළණ ගුණසේකරයි.
අධ්‍යාපනය අතරමග නවතා දමා, මාර්ගගත තෑගි ඇනවුම් බෙදා හරින ආයතනයක ඩිලිවරි සේවකයෙකු ලෙසින් රැකියාව කරන සිසිත, තමන් තෑගි බෙදා දෙන නිවෙස්වල සිටින කාන්තාවන් සමඟ විවිධ සබඳතා ගොඩ නඟා ගන්නට සමත් වනවා. ඔහුගේ රැකියාව අහිමි වීමත් සමඟ ඒ කාන්තාවන් සමඟ වැඩ වැඩියෙන් කුලුපග වන්නට සිසිත සමත් වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු නිරන්තරයෙන්ම කාන්තා ඇසුරට එකතු වනවා.
බහුචිතවාදියා තුළින් දිග හැරෙන්නේ තරඟකාරී ලෝකයක් තුළ තවත් එක් මෙවලමක් පමණක් බවට පත්වුනු ඒ සිසිතගේ කතාවයි…
චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයට >>>>>>>>
බහුචිතවාදියා චිත්‍රපටයේ තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදු කරන්නේ මාලක දේවප්‍රිය යි. කෙටි සිනමාපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ලෝ පුරා සිනමා උළෙල රැසක් නියෝජනය කළ කෙටි චිත්‍රපට කිහිපයක්ම මාලක දේවප්‍රිය විසින් නිර්මාණය කොට තිබෙනවා. බහුචිතවාදියා ඔහුගේ පළමු වෘතාන්ත සිනමාපටයයි.
කළණ ගුණසේකර සමඟින් දමිතා අබේරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, ඩීබී ගංගොඩතැන්න ඇතුලු නලු නිලියන් කිහිප දෙනෙකුම බහුචිතවාදියා චිත්‍රපටයෙන් ඔබට දැකගත හැකියි.
චින්තන සෝමකීර්ති කැමරාකරණයෙන් සහ සසික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙන් එක්වුනු මෙම සිනමාපටය හර්ෂ දිසානායකගේ සංස්කරණයකි. චිත්‍රාල් සෝමපාල සංගීත අධ්‍යක්ෂණයකි. රවීන් වෙත්තසිංහ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයෙන් සහ සුරේෂ් හර්ෂජීව අංග රචනයෙන් එක්වුනා.
බහුචිතවාදියා, කොළඹ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමකි.
ලයිට් සිනමා, රීගල් සිනමා, ස්කෝප් ඇතුලු දිවයින පුරා සිනමා හල් වලදී ඔබට දැන් බහුචිතවාදියා නැරඹීමට හැකියි.
Written by Kavinu Weerakkody