ලෙස්ටර් චිත්‍රපට ගීතාවලිය එළිදකි..

Avatar Cinema.lk A | September 3, 2012 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

ලංකා සිනමා වංශකතාවේ පතාක යෝධයෙකු වු ආචර්යය ලෙස්ටර් ජේමීස් පීරිස්ගේ චිත්‍රපට ගීත ඇතුලත් ග්‍රන්ථයක් සාහිත්‍ය මාසය තුළදී එලි දැක්වීමට නියමිතයි.මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ ඩී.බී නිහාල් සිංහයන් ගේ “දිමුතු මුතු“ ටෙලි නාට්‍යයයේ නිෂ්පාදන කළමණාකරුවෙකු වු රූපසේන සිල්වා මහතා විසිනි.

ලෙස්ටර් ජේමීස් ශූරින් වටා ඈඳුණු 18 වන කෘතිය වන මෙය එතුමාගේ සියලුම චිත්‍රපට ගීතයන්ගෙන් මෙන්ම පසුබිම් සංගීතයට අදාළ විද්වත් අදහස් වලින් ද මිලි මීටර් 8 – 16 – 35 ප්‍රමාණයන්ගෙන් නිර්මාණය කළ වාර්තා, කෙටි, අර්ධ වෘත්තාන්ත හා වෘත්තාන්ත චිත්‍රපටවල දුර්ලභ ඡායාරූප හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්බන්ධ මෙතෙක් රචිත ග්‍රන්ථ නාමාවලියකින් ද අන්තර්ගතවේ.

Share

71 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.