වඩා හොඳම Ranbir Kapoor ද..? Ranveer Singh ද…..?
ජනප්‍රිය හොලිවුඩ් නළු Sanjay Dutt ගැන බොලිවුඩ් සිනමා රසිකයින් ඉතා හොඳින් දන්නවා. දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ විවිධ චරිත නිරුපනය කළ Sanjay Duttට දැවැන්ත රසික ප්‍රසාදයක් තවමත් තිබෙනවා. ඔහුගේ ජිවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බොලිවුඩ් සිනමාකරුවන් පිරිසක් කටයුතු කර තිබෙන්නේත් ඒ නිසාමයි. සංජය දත් නම් පුද්ගලයා සිනමාවේ මෙන්ම ඔහුගේ ජිවිතයේ මුහුණ දුන් විවිධ අත්දැකීම් සියල්ල පදනම් කරගනිමින් මේ චිත්‍රපටය ගොඩනැගීමට නිර්මාණ කරුවන් කටයුතු කොට තිබෙනවා. චිත්‍රපටයේ සන්ජේගේ චරිතය නිරුපණය කරන්නේ Ranbir Kapoor විසින්. චිත්‍රපටය “Sanju” ලෙස නම් කොට තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සුදුසු පුද්ගලයා තෝරා ගැනීම ගැන ගැටළුවක් තිබු බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. චිත්‍රපටයේ නිෂ්පාදක Vidhu Vinod Chopra සඳහන් කරන්නේ එම චරිතයට Ranveer Singh තෝරා ගැනීමට තමාට අවශ්‍ය වූ බවයි. “රන්වීර්ගේ රංගන හැකියාව, පරාසය, රංගනය වෙනුවෙන් ඔහු කරන කැපවීම ඇතුළු සියලු දේවල් සලකා බලපුවාම ඔහු තමයි මේ චරිතයට සුදුසුම කියල මම හිතුවේ, මේ ගැන මම අධ්‍යක්ෂ එක්ක කතා කළා. නමුත් අධ්‍යක්ෂ Rajkumar Hirani ඒ ඉල්ලීම සලකා බැලුවේ නැහැ. ඔහුට දැඩිව උවමනා වුනා රන්බීර් කපූර්ව මේ චරිතයට යොදාගන්න” චොප්රා පවසා තිබුනා. අවසානයේ අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත රන්බීර් චරිතයට තෝරා ගත්තත් ඒ ගැන තමා කණගාටු වූ බවත් චොප්රා පවසනවා. නමුත් චිත්‍රපටයේ රුගත කිරීම් සිදුකරමින් යද්දී ඔහුගේ අදහස සම්පුර්ණයෙන් වෙනස් වූ බවත්, තමාගේ වචන පිලිබඳ තමන් කණගාටු වූ බවත්, විනෝද් චොප්රා පවසා තිබෙනවා.
රන්බීර් කපූර් ඉතා අසීරු අභියෝගයක් සාර්ථකව නිමාකර ඇති බවට අදහස් පළකෙරෙනවා. Sunjay Duttගේ අවුරුදු 20ක වයසේ සිට මේ දක්වා ජිවිතයේ සිදුවීම් ඇසුරින් නිර්මාණය වුනු “සංජු” චිත්‍රපටය බොලිවුඩ් සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගනීයැයි මත පල කෙරෙනවා.
Written by Nisanka Weheraduwa