විසාකේසගේ “පාංශු” ඉන්දියාවේ ගුවහාටි අන්තර්ජාතික සිනමා උළෙලට
ඊසාන දිග ඉන්දියාවේ පැවැත්වෙන සිනමා උළෙලයන් අතුරින් වාර්ෂිකව වැඩිම සිනමාපට සංඛ්‍යාවක් තිරගත කෙරෙන අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට සැලකෙන ගුවහාටි අන්තර්ජාතික සිනමා උළෙලේ (Guwahati International Film Festival) 03 වෙනි අදියර ඊයේ ගුවහාටිහී ශ්‍රීමන්තා සංකර්දේව අන්තර්ජාතික ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා. එම සිනමා උළෙල නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකීය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක්වෙමින් විසාකේස චන්ද්‍රසේකරන්ගේ “පාංශු” චිත්‍රපටය නොවැම්බර් 01 උදෑසන 10.30 ට උළෙලේදී තිරගත කෙරුනා. විදේශීය සිනමාපට උදෙසා වෙන්වූ ‘ජගත් සිනමාව” (World Cinema) නම් වූ අංශය යටතේ “පාංශු” චිත්‍රපටයඋළෙල නියෝජනය කරන අතර, “පාංශු” චිත්‍රපටයට අමතරව රටවල් 65 කට ආසන්න සංඛ්‍යාවකට අයත් සිනමාපට 105කට ආසන්න සංඛ්‍යාවක් ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 06 වෙනිදා දක්වා උළෙලේදී තිරගත කෙරෙනවා.
2019 වර්ෂයේ කැනඩාවේ පැවති කැනඩා අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘රෝයල් රීල් සම්මානය’, ප්‍රංශයේ පැවති නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘හොඳම රංග වස්ත්‍රාභරණ’ හා ‘විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නිළිය’ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති ගෝල්ඩන් ඩෝ(ර්) අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘හොඳම සහාය නළුවා’ යන සම්මානයන්ගෙන් පිදුම් ලද “පාංශු” චිත්‍රපටය නියෝජනය කරන 14 වෙනි ජාත්‍යන්තර සිනමා උළෙල මෙයයි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
Written by Nisanka Weheraduwa