“සුනාමි” දැන්ම පෙන්වන්නේ නැහැ – රේණුකා බාලසූරිය

Avatar Nisanka Weheraduwa | June 22, 2020 310 Views 0 Likes 0 Ratings

310 Views 0 Ratings Rate it

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම පාසුගිය මාර්තු 13 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වසා දැමුනා. ඒ වනවිට චිත්‍රපට කිහිපයක් තිරගත වෙමින් සහ තිරගත වීම ආරම්භ කිරීමට සුදානමින් සිටියා. කෙසේ නමුත් මාස තුනකට අධික කාලයක් වසා තැබීමෙන් පසු ජුනි 27 වැනිදා සිට සිනමාහල් නැවත විවෘත කරීමට රජය තීරණය කොට තිබෙනවා.

මෙලෙස 27 වැනිදා විවෘත කරෙන සිනමාහල් වල පෙර පරිදිම සිනමාපට තිරගත වෙයිද..? මේ පිලිබඳ අදාළ සිනමාකරුවන් සමග අප කතාබහ කළා. සුනාමි චිත්‍රපටයේ නිෂ්පාදික රේණුකා බාලසූරිය අප සමග පැවසුවේ මෙවැනි අදහසක්.

“කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙනවත් එක්කම සිනමා ශාලා වසා දැමීම නිසා සිනමාකරුවන් ලෙස අප අපහසුතාවයකට පත්වුනා තමයි. නමුත් අපේ ප්‍රමුඛතාව හිමිවිය යුතුව තිබුනේ වසංගතය පැතිරයාම පාලනය කරගැනීම. ඒ වෙනුවෙන් අප ලොකු කැපකිරීමක් කළ යුතු වුනා. කොහොම වුනත් දැන් නැවත සිනමාහල් විවෘත කරන්න තීරණය කරලා තියෙනවා. නමුත් අපි ඉල්ලීමක් කළා සුනාමි චිත්‍රපටය තරමක් ප්‍රමාදවී නැවත තිරගත කරන්න අපට අවස්ථාව ලබාදෙන්න කියල. ඒ නිසා 27 වැනිදා සිනමාහල් විවෘත වූ සැනින් “සුනාමි” චිත්‍රපටය තිරගත වන්නේ නැහැ. නමුත් ඉක්මනින් මේ චිත්‍රපටය නැවත තිරගත කිරීමට කටයුතු කෙරෙනවා. සුනාමි චිත්‍රපටය නැරඹීමට අවස්ථාව නොලැබුණු ආදරණීය ප්‍රේක්ෂකයින්ට ඒ අවස්ථාව ඉක්මනින්ම ලබා දීමට අපි සූදානමින් ඉන්නවා. ඒ දවස ගැන අපි අනිවාර්යෙන්ම ඔබව දැනුවත් කරනවා.”

Share

310 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.