රාජිතගේ නැතුව බැරි මිනිහෙක් 17 වැනිදා කොළඹදී

Avatar Nisanka Weheraduwa | February 15, 2018 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

SJMS සුබ සාධක සංගමය හා CSR සංවිධානය විසින් දුෂ්කර පාසල් තුනක දරුවන්ගේ ජල අර්බුදයට විසඳුම් ලබාදීමේ ව්‍යාපෘතියට ආධාර පිණිස නාට්‍ය දර්ශනයක් සංවිධාන කරයි. රාජිත දිසානායක නාට්‍ය නිර්මාණ “නැතුව බැරි මිනිහෙක්” (A man much needed) නාට්‍ය වේදිකාගත කිරීමට සංවිධායකයෝ කටයුතු කරති.  පෙබරවාරි 17 වැනිදා දිනයේ බිෂොප් විද්‍යාලයේ රංග ශාලාවේදී නාට්‍ය  තිරගතවෙයි.
හොරොව්පතාන, මහදිවුල් වැව මහා විද්‍යාලයේ, වව්නියාව බොරගස් වැව මහා විද්‍යාලයේ හා සිරිපුර මහසෙන් විද්‍යාලයේ දරුවන්ට ඇති පානීය ජල ගැටළුවට විසඳුම් ලබාදීමේ අරමුණින් මෙම වේදිකා නාට්‍ය සංවිධාන කොට ඇත.
රාජිත දිසානායක ශ්‍රී ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රයේ නමක් රැඳු නාට්‍ය වේදියෙක් ලෙස ප්‍රචලිතය. හෙතෙම නිර්මාණය කල නාට්‍ය බොහොමයක් සම්මානයට ලක්ව තිබේ. නැතුව බැරි මිනිහෙක් නාට්‍යද 2017 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත්විය. ධර්මප්‍රිය ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු, නදීශානි මාතරආරච්චි ඇතුළු ශිල්පින් පිරිසක් නාට්‍යයට රංගනයෙන් දායකව තිබේ. රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන හයක් නාට්‍යට හිමිව තිබේ. 17 වැනිදා බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී මෙම අ නාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවේ.
Share

74 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.