2017 වසරේ ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගැයේ – තේරීම් කමිටුවට ඈෂ්ලි සහ උදිත පත්වෙයි
ගෙවීගිය 2017 වර්ෂයේදී ලොව නන්දෙස පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Full Length Feature Films) වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් අතුරින් විශිෂ්ටතම සම්මානලාභීන් ඇගයීම උදෙසා වූ විශේෂ ඇගයීම් උළෙලක් රජයේ මූලිකත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්ව පවතින බව Cinema.lk වෙත වාර්තා වේ . ඒ අනුව ශ්‍රී ලාංකේය සිනමාවට 71 වසරක් පිරීම නිමිත්තෙන් මෙම මස 21 වෙනි දින ජාතික චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ සැමරුම් උළෙලේදී එකී ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගයීමට නියමිතය. මෙහිදී 2017 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 06 ක් ලද ජාත්‍යන්තර සම්මාන 10 අතුරින්, විශිෂ්ටතම සම්මානයන් තේරීම ජාතික චිත්‍රපට සංස්ථාවේ මූලිකත්වයෙන් පත්කළ සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවක් මගින් සිදු කෙරේ. මෙම තේරීම් කමිටුවට , දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම හා අත්දැකීම් බහුලම අන්තර්ජාතික සිනමා උළෙල ජූරි සභික හා අන්තර්ජාතික සිනමා උළෙල වැඩසටහන් සම්පාදක ලෙසින් සැලකෙන ඈෂ්ලි රත්නවිභූෂණ මහතා සහ අන්තර්ජාතික සිනමා උළෙලයන් පිලිබඳ ප්‍රවීන විශ්ලේෂක හා කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේ වැඩසටහන් සම්පාදන ප්‍රධානී උදිත ලක්මාල් කහඳවආරච්චි මහතා ඇතුලත් වේ. ඔවුන්ගේ අවසන් නිර්දේශය මත පහත සම්මානලාභීන් අතුරින් විශිෂ්ටයන් එළඹෙන 21 වෙනි දින ඇගයීමට ලක්වේ.
2017 වර්ෂයෙදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානලාභීන්
1. හොඳම සිනමාපටය සඳහා වූ ප්‍රධාන ජූරි සම්මානය- දැවෙන විහඟුන් – සංජිව පුෂ්පකුමාර- 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල – ජිනීවා- ස්විට්සර්ලන්තය- මාර්තු
2. යොවුන් ජූරි සම්මානය- දැවෙන විහඟුන් – සංජිව පුෂ්පකුමාර- 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල – ජිනීවා- ස්විට්සර්ලන්තය- මාර්තු
3. විදෙස් භාෂිත සිනමාපට අංශයේ හොඳම සිනමා කැමරාකරණය සඳහා වූ සම්මානය – විශ්වජිත් කරුණාරත්න- රතු සමනළ හීනයක්- ප්‍රියන්ත කළුආරච්චි- 05වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙල- නීස්- ප්‍රංශය- මැයි
4. කුසලතා සහතිකය- නෙලා- බෙනට් රත්නායක- 02 වෙනි සික්ස්ටීන් අන්තර්ජාතික සිනමා උළෙල- ජයිපූර්- ඉන්දියාව- මැයි
5. හොඳම නිළිය – අනෝමා ජනාදරී- දැවෙන විහඟුන් – සංජිව පුෂ්පකුමාර- 03 වෙනි ආසියානු ජගත් සිනමා උළෙල- ලොස් ඇන්ජලීස්- ඇ. එක්සත් ජනපදය- නොවැම්බර්
6. හොඳම වෘත්තාන්ත සිනමාපටය- ඇගේ ඇස අග- අශෝක හඳගම- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
7. හොඳම අධ්‍යක්ෂක- අශෝක හඳගම- ඇගේ ඇස අග- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
8. හොඳම නළුවා සම්මානය- දසුන් පතිරණ, ජෙහාන් අප්පුහාමි සහ භූමි හරේන්ද්‍රගේ සාමුහික රංගනය වෙනුවෙන්- සයපෙති කුසුම- විසාකේස චන්ද්‍රසේකරම්- 07වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
9. විශේෂ ජූරි සඳහන- සයපෙති කුසුම- විසාකේස චන්ද්‍රසේකරම්- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
10. ‘මායිමෙන් එහා සිනමාව’ අංශයේ හොඳම සිනමාපටය- ජංගි හොරා- සෝමරත්න දිසානායක – 06 වෙනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල- නව දිල්ලිය- ඉන්දියාව- දෙසැම්බර්
Written by Nisanka Weheraduwa
