Abhishek ගේ නවතම පෙනුම අන්තර්ජාලයට එක්වෙයි
ජනප්‍රිය දක්ෂ බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් ඉන්දීය සිනමා රසිකයින් පමණක් නොවෙයි ලෝකය පුරාම සිටින සිනමා රසිකයින් ඉතා හොඳින් හඳුනනවා. ඔහු රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ වගේම ඔහුගේ පවුල් පසුබිමත් මීට හේතුවක්. අමිතාබ් බච්චන් සහ චායා බච්චන්ගේ පුතනුවන් වගේම අයිශ්වර්යා රායිගේ ස්වාමියා විදිහටත් ඔහුට තිබෙන්නේ සිනමාවටම බැඳුනු පවුල් පසුබිමක් කිවුවොත් නිවැරදියි.
අභිෂේක් අලුතින්ම රංගනයෙන් දායක වන චිත්‍රපටයක් පිළිබඳවයි මේ තොරතුරු. මේ දිනවල එම චිත්‍රපටයේ රුගත කිරීම් සිදුවෙමින් පවතින බව සඳහන් වනවා. Anurag Kashyap විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ නම “Manmarziyaan” බව සඳහන් වනවා. Vicky Kaushal සහ Taapsee Pannu මෙහි අනිකුත් ප්‍රධාන චරිත රඟපාන බව සඳහන්. චිත්‍රපටයේ කතා තේමාව ආදර කතාවක් බවත් සඳහන්. Taapasee ඔහුගේ වෙනස්ම පෙනුම සහිත පින්තූර අන්තර්ජාලයට එක්කොට තිබුනා. චිත්‍රපටයේ ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණ ආයතනයක් පවත්වාගෙන යන්නකු ලෙස රඟපාන Taapaseeචිත්‍රපටය සඳහා හොකී ක්‍රීඩා පුහුණුව බවත් සඳහන්.
Written by Nisanka Weheraduwa
