මාලනී කෙල්ල කාලේ..අම්මපා ඒ තමයි කාලේ

Avatar Cinema.lk A | November 27, 2013 67 Views 0 Likes 0 Ratings

67 Views 0 Ratings Rate it

අන්තර්ජාලය පුරා සැරිසරන  කොට අපුරු පද මාලාවක් නෙත ගැටුණා.මේක ලියලා තිබුණේ හරිම සරළ භාෂාවකින්.ඒ වුනන් මේ පද වැල් අතරේ මොකද්දෝ ගැඹුරක් සැඟවිලා තියෙනවයි කියලා හිතුණා.ඒ හින්දා මේක ඔයාලටත් බලාගන්න පුලුවන් විදියට මෙහෙම සටහන් කරා.සමාවෙන්න ඕන..මේ පද පෙල රචනා කළ එහි මුල් අයිතිකරුවා ගේ නම මෙහි සටහන් කරලා නැත්තේ ඇත්තටම එහි අනන්‍යතාවය තහවුරු කරගන්න බැරි වු නිසාවෙන්මයි.ඒ වුනත් සිනමාවට ආදරය කරන අපේ ආදරණීය මිත්‍රයන්ට මෙය තිළිණ කරන්නේ මෙහි රචකයාට එහි සම්පුර්ණ ගෞරවය හිමි කරන ගමනුයි

 

සිනමා සක්විතිලා හිටපු ඒ කාලේ
නිළි රැජිණියන් හිටපු ඒ කාලේ
මහා අධ්‍යක්ෂකවරු හිටපු කාලේ
කළු සුදු වලින් වෙඩි තියපු කාලේ
නළු නිළියෝ ක්‍රිකට් ගහපු කාලේ
නමයයි තිහටත් චිත්‍රපටි පෙන්නපු  කාලේ
සෙනග ඉන්නවනම් දොලහයි තිහත් දුවපු ඒ කාලේ
ඒ තමයි කාලේ…..

මහා ගාන්ධර්වයන් හිටපු ඒ කාලේ
සල්ලි දීලා කැසට් ගත්තු කාලේ
සින්දු වලින් මොරාල් ගත්තු  කාලේ
ගම්වල බජව් දාපු කාලේ
මහා ලේඛකයෝ හිටපු  කාලේ
හංගගෙන පොත් කියවපු කාලේ
සත පණහේ විශ්ව විද්‍යාල තිබුණු  කාලේ
සල්ලි දීලා දිනමිණ ගත්තු ඒ කාලේ
චිත්‍රකතා පත්තර බලපු කාලේ
පත්තර වලින් දේශපාලනය කරපු කාලේ
පත්තරකාරයා එනකං බලං හිටපු කාලේ
නාට්‍යකාරයෝ හිටපු  කාලේ
නාට්‍ය වල සින්දු තිබ්බ කාලේ
පොල් කොට උඩ ටීටර් පෙන්නපු කාලේ
බයිසිකල් වල නාට්‍ය බලන්න ගිය කාලේ

රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහපු කාලේ
මහා නිවේදකයෝ හිටපු කාලේ
පිනාගේ ජෝක් වලට හිනාගිය කාලේ
සින්දු ඉල්ලලා පෝස්ට්කාඩ් යවපු කාලේ

මහා දේශපාලකයෝ හිටපු කාලේ
වාමාංශික පක්ෂ තිබ්බ කාලේ
මැයි පෙළපාලි බලන්න කොළඹ ආපු කාලේ
කොල්ලො කෙල්ලො කැරළි ගහපු කාලේ

ඩිජිටල් නොතිබ්බ කාලේ
හැමදේම ඇනලොග් ඒ කාලේ…

මාලනී කෙල්ල කාලේ  
අම්මපා තමයි කාලේ……!!

Share

67 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.