එන්නටත් මත්තෙන් Don 3 ට නඩු

Avatar Cinema.lk | November 27, 2013 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

ශාරුක් ඛාන් රඟන, ලබන වසරේ තිරගත වීමට නියමිත Don 3 චිත්‍රපටයේ ප්‍රකාශන අයිතිය  උල්ලංඝනය සම්බන්ධයෙන්, චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෆර්හාන් අක්තර් සහ නිෂ්පාදන කණ්ඩායමට විරුද්ධව බන්ඩ්‍රා අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබෙනවා.

1978 දී අමිතාබ් බච්චන් රඟපෑ Don චිත්‍රපටයේ නිශ්පාදන ආයතනය වන Nariman Films ආයතනය විසින් ගොනුකොට ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස ෂාරුක් ඛාන් ද නම් කර තිබෙනවා. Don චිත්‍රපට ප්‍රකාශන අයිතිය පිළිබඳව ඇති ගිවිසුම අනුව එම ගිවිසුම 2009 දී කල් ඉකුත් වේ.

චිත්‍රපටය පිළිබඳව නිළ වශයෙන් තොරතුරු වාර්තා නොවූවත් මේ Don 3 හි ඩොන්ගේ චරිතය සඳහා ෂාරුක් ඛාන්ම පණ පොවනු ඇති බවයි වාර්තා වන්නේ. Don සහ Don 2 චිත්‍රපට ද්විත්වයේම ප්‍රධාන නිළියගේ චරිතයට පණ පෙවූ ප්‍රියංකා චොප්රා මේ චිත්‍රපටය සඳහා ද දායක වන බවක් මෙතෙක් වාර්තා වී නැත. ඇය හැරුණු විට මෙම චරිතය සඳහා සුදුසු වන්නේ යැයි ඔබ සිතන්නේ කාවද?

Share

61 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.