අධිකරණ නියෝගයෙන් තහනම් වූ Ram – Leela බොක්ස් ඔෆීස් අතරට
සුප්‍රකට දේව් දාස් චිත්‍රපටයේ අධ්‍යෂක සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද “ගොලියන් කී රාස් ලීලා – රාම් ලීලා“ චිත්‍රපටය පසුගිය 15 වන දා ලොව පුරා තිරගත වීම ඇරඹින. සුප්‍රකට ගත්කතුවරයෙක් වන විලියම් ෂේක්ස්පියර්ගේ “රෝමියෝ – ජුලියට්“ කතාවේ නූතන සංස්කරණය ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටය සඳහා රන්වීර් සිංග් සහ දීපිකා පදුකෝන් රංඟනයෙන් දායක වේ. මුලදී රාම්-ලීලා නමින් හැඳින්වුනු මෙම චිත්‍රපටය පසුව “ගොලියන් කී රාස් ලීලා – රාම් ලීලා“ හෙවත් Goliyon Ki Raasleela Ram – Leela (English: A Play of Bullets: Ram-Leela) ලෙස වෙනස් කිරීමට හේතුවූයේ දිල්ලි අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුවයි. මෙම නියෝගය පණවා ඇත්තේ මෙම චිත්‍රපටයේ ඇති ඇතැම් දර්ශණ සහ දෙබස් නිසාවෙන් ඉනිදීය හින්දු දහමට සිදුවන හානිය සැලකා ඉදිරිපත් වූ පෙත්සමක් හේතුවෙනි.
සුපිරි අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයක් වීම නිසාත්, දීපිකා – රන්වීර් ගේ දකෂතාවය නිසාත් ඉතා කෙටි කලකින්ම බොක්ස් ඔෆීස් වාර්තා අතරට එක්වන්නට රාම් – ලීලා චිත්‍රපටය සමත් විය. ඇමරිකානු ඩොලර් මිලියන 2.3ක වියදමින් නිපැයුනු මෙම චිත්‍රපටය ආරම්භක සති අන්තය අවසානය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක ආදායමක් ඉපැයීඹට සමත් විය.
Written by Cinema.lk