ගජිනි නිළිය එල්ලී මියයයි
ගජිනි (Ghajini) හින්දි චිත්‍රපටයට රංඟනයෙන් දායක වූ බොලිවුඩ් නිළි ජියා කාන් (Jiah Khan) මුම්බායි හි පිහිටි සිය නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කරගෙන ඇති බව මුම්බායි පොලීසිය වාර්තා කරයි. 25 හැවිරිදි ඇය සිය දිවි හානි කරගෙන ඇත්තේ ඊයේ (3) රාත්‍රියේදී ය.
පොලීසිය පවසන අයුරින් මේ වන විට ඇයගේ මෙහෙකාරිය, මුරකරු හා අසල්වැසියන්ගෙන් තොරතුර ලබාගැනීම සඳහා ප්‍රශ්ණ කිරීම සිදුවේ. රාම් ගෝපාල් වර්මාගේ නිශාබ්ද් (Nishabd) චිත්‍රපටයේ අම්තාබ් බච්චන් සමඟ රංඟනයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දක්ෂතම නවක නිළිය ලෙසද පිදුම් ලැබීය.
අනතුරුව අමීර් කාන් රංඟනයෙන් දායක වූ ගජිනි (Ghajini) හින්දි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ඇය එක්වූ අතර 2010 වසරේ තිරගත වූ හවුස් ෆුල් (House Full) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමට ඇය සමත් වී ඇත.
කෙසේ වෙතත් ඇය මෙලෙස සිය දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නැතත්, තොරතුරු ලද විගසින් ඔබ වෙත ගෙන ඒමට Cinema.lk අප සූදානම්.
ඇය රඟපෑ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූ නිශාබ්ද් (Nishabd) චිත්‍රපටය නැරඹිම සඳහා මෙතනින් පිවිසෙන්න
[button link=”https://cinema.lk/Movie_Download-detail/nishabd-2007/” variation=”rust”]Nishabd – නිෂාබ්ඩ් (2007) – සිංහල උපසිරැසි සහිතයි | Dowanload DVDRip 700MB[/button]UPDATE: මේ පුවත සැලවූ පසු අමිතබ් බච්චන් සිය ට්විටර් වෙබ් අඩවයේ මෙසේ සටහන් කර ඇත.
T 1128 -WHAT …!!! Jiah Khan ??? what has happened ? is this correct ? unbelievable !!!
— Amitabh Bachchan (@SrBachchan) June 3, 2013
එමෙන්ම ඇයද මිය යැමට සති දෙකකට පමණ ප්‍රථම මෙලෙස සිය ට්විටර් වෙබ් අඩවියේ සටහන් කර ඇත.
So sorry I have been off twitter! Took a bit of a break from twitter verse.. sometimes u need a sabbatical to recollect ur thoughts
— Nafisa Khan (@jiahkhan) May 24, 2013
Written by Cinema.lk