සිද්ධාර්ථ චිත්‍රපටයේ යසෝදරා, ආකර්ශා චිත්‍රපටයට
සිංහාවලෝකනය, සුරන්ගනා ලොවින් ඇවිත්, ස්පන්ධන චිත්‍රපට නිර්මාණය කල සුනෙත් මාලිංගගේ අලුත්ම චිත්‍රපටය යි “ආකර්ශා“ චිත්‍රපටය. මේ වන විට රූපගත කිරීම අවසන් කොට ඇති ආකර්ශා චිත්‍රපටය සඳහා පූජා උමාශංකර් රංඟනයෙන් දායක වීමට නියමිතව තිබුනත් අසනීප තත්වයක් නිසා ඇය වෙනුවට මේ චිත්‍රපටය සඳහා සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ යසෝදරා දේවියගේ චරිතයට පණ පෙවූ අන්ජල් සිං රංඟනයේ යෙදනවා. මේ චිත්‍රපටයේ පුජාගේ පෙම්වතා ලෙස රංඟනයේ යෙදෙන්නේ වත්මන් යුද හමුදාපත් දයා රත්නායකගේ පුත් යසස් රත්නායකයි. මේ වන විට විදේශගතව සිට සිනමාව හදාරා සිටින ඔහුගේ ප්‍රථම චිත්‍රපටය යි ආකර්ශා චිත්‍රපටය. මීට අමතරව ඩබ්ලිව්. ජයසිරි, ශි‍්‍රයානි අමරසේන, ජයලාල් රෝහණ, ඩග්ලස් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, මවුලි මතීෂ, දූෂ්යන්ති වීරමන්, ආනන්දිකා කුමාරසිංහ, චරිත් අබේසිංහ, නඩරාජා සිවම්, ශ්‍රීමාල් වෙඩිසිංහ, රමණී සිරිවර්ධන, ශලනි තාරකා, නලීන් ප්‍රදීප් උඩවෙල, සරත් චන්ද්‍රසිරි, ඉෂන් ගම්මුදලි, රාජසිංහ ලෝලුවාගොඩ, මාපලගම විමලරත්න, රින්ස්ලි වීරරත්න, නිමන්ති පෝරගේ, කාවිංග පෙරේරා, මොරින් චාරුනී, නිල්මිණි කෝට්ටෙගොඩ, ටෙඩී විද්‍යාලංකාර, ආකර්ෂා චිත්‍රපටය සඳහා රංඟන දායකත්වය සපයයි.
ප්‍රභාත් චමින්ද පෙරේරා, හරිස් උද්දික මහදිවුල්වැව, නලීන් නිශාන්. ධර්මපි‍්‍රය සමඟ ලීල් ප්‍රසන්න දිසානායක යන අය ආකර්ශා චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම වන අතර කුමාරසිරි හෙට්ටිගේ සහ අනුරාධ වීරමන් විධායක නිෂ්පාදකවරන් වේ. එමෙන්ම ප්‍රභාත් රෝෂන කැමර අධ්‍යක්ෂනයෙන්ද, ශාන් අල්විස් සංස්කරණයෙන්ද, ධනුෂ්ක ජයවර්ධන සහය අධ්‍යක්ෂණයෙන්ද දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අජිත් හන්වැල්ල කලා අධ්‍යක්ෂණයෙන් ද, තාරක අධිකාරී අංග රචනයෙන් ද, ඔමේෂ් විජේරත්න ඇඳුම් නිර්මාණයෙන් ද, සුනෙත් මාලිංග සහ ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් ද ආකර්ෂා චිත්‍රපටයට දායක වේ.
Written by Cinema.lk