අනර්කලී,සාරංග සමඟ නෙහාරා ඉංග්‍රීසි චිත්‍රපටයක

Avatar Cinema.lk | April 16, 2013 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

අප රටේ රංඟන ශිල්පීන් යොදාගෙන 2009 වසරේ දී තිරගත වුනු ඉංග්‍රීසි චිත්‍රපටයකි It’s a matter of love.  එළඹෙන මැයි මාසයේ 09 වැනි දින සිට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී මේ චිත්‍රපටයේ දෙවන කොටස තිරගත වීමට නියමිතයි. රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි සාරංග දිසාසේකර සහ අනර්කලී ආකර්ෂා පෙම්වතුන් ලෙස රංඟනයෙන් දායක වෙති.

විජය නන්දසිරි, ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ, රෝසි සේනානායක, රොනී ලීච්, කොරීන් අල්මේදා, කේෂියා ලීච් ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක් සහභාගී වන මේ චිත්‍රපටය හරහා නෙහාරා පීරිස් සිය සිනමා දිවිය ආරම්භ කිරීමට නියමිතයි.

රෝයි – සුමනාගේ නිෂ්පාදනයක් ලෙස කලඑළියට එන It’s a matter of love – ඉට්ස් අ මැටර් ඔෆ් ලව් හි කතාව, දෙබස්, තිර රචනය ද රෝයි ද සිල්වාගේය.

Share

64 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.