රන්ජන් අන්දුන් කුන්දුන් වේ

Avatar Cinema.lk A | June 29, 2013 27 Views 0 Likes 0 Ratings

27 Views 0 Ratings Rate it

රන්ජන් රාමනායක කියන්නේ හෙළ සිනමාවෙන් බිහිවු ප්‍රතාපවත් තරු පරම්පරාවේ අවසන් පුරුකයි.මේ ගෙවෙන්නේ ඔහුගේ සිනමා ජිවිතයේ ස්වර්ණමය යුගයයි.මේ දිනවල ඔහුට ලැබෙන චිත්‍රපටි ගණන ද දිනෙන් ඉහළ යමින් තියෙනවා.ආරංචියේ හැටියට රන්ජාට තවත් චිත්‍රපටයක් ලැබිලා.හැබැයි මේ චිත්‍රපටය තරමක් වෙනස් එකක්.මොකද මේකේ ඔහුට ද්විත්ව චරිතයන් කරන්නට සිදුවෙලා තියෙනවා.චිත්‍රපටය තමයි අන්දුන් කුන්දුන්…

රන්ජන් රාමනායක ද්විත්ව රංගනයෙන් දායක වන ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන අන්දුන් කුන්දුන් චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දා කඩුවෙල උණසෙවන හෝටලයේදී චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති කුමාර් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිර්මාණයට දායක වන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මේ චිත්‍රපටය සඳහා රන්ජන් රාමනායක,ක්ලීටස් මෙන්ඩිස්, ටෙඩී විද්‍යාලංකාර, රජීව් නානායක්කාර, ඩී. බී. ගන්ගොඩතැන්න, අජිත් වීරසිංහ, ආනන්ද වික්‍රමගේ සහ තවත් නළු නිළි රැසක් රංගනයෙන් දායක වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය කපිල පූගලආරච්චිගෙනි.

කොළඹ, කිරින්ද, තිස්සමහාරාමය, කුඩාවැල්ල ධීවර ගම්මානය යන ප්‍රදේශවල රූගත කිරීමට නියමිතය. මෙහි නිෂ්පාදනය රංජිත් කරුණාතිලකගෙනි

Share

27 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.