භාග්‍යාගේ මුල්ම ආදර තෑග්ග එස් ත්‍රී එකක්

Avatar Cinema.lk A | October 1, 2013 75 Views 0 Likes 0 Ratings

75 Views 0 Ratings Rate it

කලින් කලට කලා ලෝකයට අලුත් තරු පායනවා.මෙන්න මේ විදියට පැයු තරු අතර මේ දවස් වල වැඩියෙන්ම කතාබහට ලක්වන තරුව තමයි භාග්‍යා…භාග්‍ය ගුරුසිංහ.වෙළද දැන්වීමකට පෙනී සිටිමින් කලා ලෝකයට පිවිසුනු භාග්‍යා ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාන දිදුලන තාරකාවක්.මේ විදියට බැබළෙමින් කලා ලෝකයේ ස්ථාවරයක් ගොඩනඟා ගත් මේ පුංචි තාරකාව මේ වන විට පෙම්වතියක්.

ඇය කියන විදියට මෙය ඇගේ ප්‍රථම ආදරයයි.භාග්‍යාගේ හිත දිනාගන්න සමත්වුනු ඒ වාසනාවන්තයගේ නම පියුෂාන් රත්නායක.පියුෂාන්ගෙයි,භාග්‍යාගෙයි ආදර අන්දරයට මංපෙත් විවර කරලා තියෙන්නේ පියුෂාන්ගේ මියුසික් වීඩියෝවයි.ආරංචියේ හැටියට මේ මියුසික් වීඩියෝවේ නිරුපිකාව විදියට ඉදලා තියෙන්නේ භාග්‍යා.එහිදී පියුෂාන් භාග්‍යාට අරන්දුන්න පීසා එකක් නිසාවෙන් තමයි භාග්‍යාට පියුෂාන් කෙරෙහි පිළිබඳ සිතක් පහළවෙලා තියෙන්නේ.එතනදී පටන්ගන්න ආදරය දැන් ගෙවල් වලටයි ගිහිල්ලා ඉවරයිලු.පියුෂාන් හා හා පුරා කියලා භාග්‍යට මුලින් අරන්දීලා තියෙන්නේ එස් ත්‍රී දුරකතනයක් ඒ වගේම මෑතකදී තිබුණු ඇගේ උපන්දිනයට ඇයට ටැබ් එකකුත් අරන් දීලා තියෙනවා.

Share

75 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.