වෙළඳ දැන්වීමක පෙනි සිටින ජීවමාන බෲස් ලී
බෲස් ලී …..වරෙක ඔහු සටන් කරුවෙක්,තවත් වරෙක ඔහු සුපිරි ක්‍රියාදාම නළුවෙක්,දර්ශනවාදියෙක්,චිත්‍රපට නිෂ්පාදකවරයෙක්,සෙනෙහෙබර පියෙක්,ස්වාමි පුරුෂයෙක්.හරියටයම කියනවා නම් ඔහු,නිවැරදි අර්ථකතනයක් දෙන්න අමාරු පුද්ගලයෙක්.ඒ කොහොම වුනත් ඔහු අපුරු මිනිසෙක්.මා පෙර කියු හැම දේකටමත් වඩා ලොකු පොඩි කවුරු වුනත් බෲස් ලී ට ආදරය කරන්නේ ඔහු තුළ වු අපුර්ව මිනිසා නිසාවෙන්මයි.
මිනිසුන්ගේ අප්‍රමාණ ආදරයක් දිනා ගත් මේ සුපිරී සටන් තරුව දායක වෙලා තිබුණේ චිත්‍රපට අතලොස්සකට විතරයි.මේ චිත්‍රපට කිහිපයේ පමණක් ඔහුගේ ජීවමාන රුව දක්නට ලැබෙනවා විනා වෙන කිසිදු තැනක,කිසිදු නිර්මාණයක ඔහුගේ රුව අඩංගු වන්නේ නෑ.ඒත් ඔහු අප අතර නැති මේ කාල වකවානුවේ දි නිර්මාණය කරපු එක් වෙළඳ දැන්වීමක සැබැවටම බෲස් ලී ජීවමාන අයුරින්ම දක්නට ලැබෙනවා.ග්‍රැෆික් හා චලන ප්‍රතිග්‍රහණ තාක්ෂණය යොදා ගනිමින් තමයි බෲස් ලීගේ ජීවමාන රුපය නිමවා තියෙන්නේ.හැබැයි මෙහිදි සජීවිකරණ තාක්ෂණය පාවිච්චි කර තිබෙන්නේ බෲස් ලීගේ මුහුණ නිර්මාණයට කිරිමට පමණයි.අනිත් නිරුපණයක් සඳහා සැබැවටම ආදේශක රංඟන ශිල්පියෙකු මෙහිදි යොදා ගෙන තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ එම දැන්වීම සහ එය තැණුනු ආකාරය පිළිබඳව දැක්වෙන රූප රාමු කිහිපයකි.
Written by Cinema.lk A









