Cannes සිනමා උළෙල ඇරඹෙයි – දින 11ක සිනමා සැණකෙළියක්
ලෝක සිනමාවේ ප්‍රධාන පෙලේ සිනමා උළෙලක් වන Cannes සිනමා උළෙල අද (මැයි 14 වැනිදා) ආරම්භ වනවා. අද සිට මැයි 25 වැනිදා දක්වා දින 11ක් තිස්සේ මේ සිනමා උළෙල පැවැත්වෙනු ඇති. සිනමා උළෙල කෙරෙහි ලෝකයේම අවධානය යොමුවනවා වගේම මේ උත්සවය සමග ප්‍රංශය සිනමා සැණකෙළියක් බවට පත්වනවා. මෙවර සිනමා උළෙල පැවැත්වෙන්නේ 72 වැනි වතාවටයි.
1946 ආරම්භ කෙරුණු Cannes සිනමා උළෙල සඳහා සියලු ශානරයන්ට අයත් චිත්‍රපට ලෝකය පුරාම සිනමාකරුවන් විසින් ඉදිරිපත් කෙරෙනවා. වාර්තා චිත්‍රපට පවා මේ උළෙලට ඇතුළත්. සිනමා සැණකෙළිය පැවැත්වෙන දින 11 පුරා සිනමා ප්‍රදර්ශනයන්ට අමතරව බොහෝ විශේෂාංග පැවැත්වෙනවා.
මෙක්සිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන Alejandro Gonzales Inarritu මෙවර ජූරියේ සභාපතිත්වය දරනවා.
Written by Nisanka Weheraduwa