ලන්ඩන් වලත් “දැකලා පුරුදු කෙනෙක්“

Avatar Cinema.lk A | September 30, 2014 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

මලිත් හෑගොඩගේ ප්‍රථම වෘතාන්ත සිනමාපටය “දැකලා පුරුදු කෙනෙක්“ කීර්තිමත් සිනමා පාසලක් වු බ්‍රිටිෂ් ෆිල්ම් ඉන්ස්ටියුට් විසින් 58 වරටත් පවත්වනු ලබන ලන්ඩන් අන්තර්ජාතික සිනමා උළෙලේ ලාංකීය නියෝජනය ලෙස තිරගත කීරිමට තෝරාගෙන ඇත.ඔක්තෝම්බර් මස 8 සිට 19 දක්වා පැවැත්වෙන මෙම උළෙලේ අභියෝගාත්මක චිත්‍රපට ඇතුළත් “Dare section“ යටතේ මෙම චිත්‍රපටය දර්ශන වාර දෙකක් පෙන්වීමට නියමිතයි.

තවද “දැකලා පුරුදු කෙනෙක්“ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දී දෙසැම්බර් මස පැවැත්වෙන අාසියා පැසිෆික් සිනමා උළෙලේ නාම යෝජනා සදහා තරඟකාරී අංශයෙන් සහභාගී වි සිටින අතර පසුගිය දා අවසන් වු කැනඩාවේ මොන්ට්‍ර්යල් කුළුදුල් චිත්‍රපට තරඟකාරී අංශයේ “රන් මුදුන“ (Golden Zenith) සම්මානය සදහාද නිර්දේෂ විය.

සමාධි ලක්සිරි,බිමල් ජයකොඩි,ජගත් මනුවර්ණ,ලක්ෂ්මන් මෙන්ඩිස්,චමිලා පීරිස්,කෞෂල්‍යා ප්‍රනාන්දු,දයාදේව එදිරිසිංහ,ප්‍රසන්න මහගමගේ,දිල්ෂානි පෙරේරා සහ ළමා නිළි කුෂේන්‍යා සයුමි ෆොන්සේකා රඟන මෙම සිනමාපටයේ කැමැරා අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රවීණ කැමරාශිල්පි එම්.ඩී මහින්දපාල විසිනුයි.

10537101_881831965179572_5980018060333603759_n 1939796_881832005179568_2607794388206026090_n 1976996_881831905179578_4714493332860728813_n 10448748_881831891846246_4637773692763786311_n 10492201_881831958512906_470632270334073960_n 10509692_881831875179581_368851293303221171_n

Share

77 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.