මෑන් ඔෆ් ද ස්ටීල් – සුපර් මෑන් ගැන ඔබ නොදත් දේ

Nicolas Cage
#1. 2013 දී Man of The Steel චිත්‍රපටය නිකුත්වීමේ දී සුපර් මෑන් චිත්‍රකතාව අරඹා වසර 75කි.
#2. සුපර් මෑන්ගේ ඇඳුමේ රතු පැහැති යට කලිසමක් නොමැති එකම සුපර් මෑන් චිත්‍රපටය වන්නේ Man of The Steel චිත්‍රපටය යි.
#3. මීට ප්‍රථම සුපර් මෑන්ගේ S අකුර සහිත ආවරණයෙන් කියැවුනේ “House of El“ (ඔහුගේ පවුල) යන්නයි. නමුත් මෙවර ඉන් කියැවෙන්නේ Hope (බලාපොරොත්තුව) යන්නයි.
#4. සුපර් මෑන් අඩි 6 අඟල් 4ක් පමණ උසින් යුතු අතර කිලෝ ග්‍රෑම් 102ක් පමණ බරන් යුක්තයි.
#5. චිත්‍රකතාවේ සිටි සුපර් මෑන් හට පියාසර කළ නොහැකි වූ අතර දිගු දුරක් පැනීමට හැක.
#6. Clark Kent යන නම සෑදි ඇත්තේ ජනප්‍රිය නළුවන් දෙදෙනකු වන Clark Gable සහ Kent Taylor යන නම් එකතුවීමෙනි.

Clark Gable, Clark Kent සහ Kent Taylor
#7. Clark Kent (Super Man) ජීවත් වන ගොඩනැගිල්ල සහ ඔහු සේවය කරන සමාගම වන Daily Planet හි හිමිකරු බෘස් වෙයින් (Bruce Wayne) හෙවත් බැට් මෑන් ය.
#8. 90 දශකයේ අගභාගයේ පැමිණි Superman Live චිත්‍රපටය සඳහා නිකලස් කේජ් (Nicolas Cage)තෝරාගත් නමුත් එම චිත්‍රපටය නිමකිරීමට නොහැකි විය.
#Bonus: මෑන් ඔෆ් ද ස්ටීල් හි සුපර් මෑන් ඇඳුම අනුව සැකසුනු Super Girl ඇඳුම. මෙය Fan Art ප්‍රදර්ශණය සඳහා Josh විසින් සාදන ලද්දකි.

සුපර් මෑන් ඇඳුම අනුව සැකසුනු Super Girl ඇඳුම
සුපර් මෑන් චිත්‍රපටයේ ඉතිහාසය
Written by Cinema.lk
