නොබෝ දිනකදී එල්ෆින්ස්ටන්,‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ වේ
කලක් මෙරට ප්‍රධාන පෙලේ සිනමාශාලාවක් වු පසුව රඟමඩලක් බවට පත් වු එල්ෆින්ස්ටන් ශාලාව ‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ ලෙස තව නොබෝ දිනකදී පත්වනු ඇත.
මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් ශාලාව එනමින් නම් කිරීමට ටවර්හෝල් පදනමේ භාරකාර මණ්ඩලයට යෝජනාකර ඇත්තේ එහි සාමාජිකයකු වන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාය.
ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමී වූ කල්කටාවේ මදාන් චිත්‍රපට සමාගම මඟින් කොළඹ හා කල්කටාවේ එකම ගෘහ නිර්මාණ සැලසුමකට අනුව ඉදි කළ එල්ෆින්ස්ටන් ශාලාව,ඒ අනුව දෙසැම්බරයේ දී ‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ වී විවෘත කෙරෙනු ඇත. ආසන අටසීයකින් සමන්විතව නවීකරණය කරන මෙහි අලුත් වැඩියාව සඳහා වැය කරන මුදල කෝටි විසි අටකි. මෙසේ ගාමිණී වෙනුවෙන් ශාලාවක් මෙරට නම් කෙරෙනුයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.
ගාමිණී ෆොන්සේකා ජීවත්ව සිටියදී එල්ෆින්ස්ටන් ශාලාව රුක්මණී නමින් නම් කරන්න යැයි ඉල්ලීමක් කරන ලදී.


Written by Cinema.lk A

