හොලිවුඩයේ තරු පදින අහස්යන්තරා

Avatar Cinema.lk A | May 13, 2013 116 Views 0 Likes 0 Ratings

116 Views 0 Ratings Rate it

අපි චිත්‍රපටි බලන බලන තරම නිසා හොළිවුඩ් පුරය ගැනවත් හොළිවුඩ් තරු ගැනවත් වෙනම හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මම හිතනවා.ඒ නිසා එයාලා අපිට චිත්‍රපටි පෙන්නලා කොයි තරම් සාක්කු පුරවගෙන තියෙනවද කියලා පහතින් තියෙන පින්තූර ටික දැක්කාම ඔයාලටම හිතා ගන්න පුලුවන් වෙයි.

tomtom

මෙයා ගැන වෙනම කියන්න ඕනි නෑ නේ.”Top Gun,Knight & Day,Mission Impossible” වගේ ක්‍රියාදාම චිත්‍රපටි වලින් අප හමුවට ආ මේ සුපිරි නලුවා මේ වන විට ගුවන් යානා 4ක හිමිකරුවෙකි.මෙම යානා අතර Gulfstream – G-4 ජෙට් යානයක් Aviat Pitts S-2B යානයක් Beachcraft F-90 යානයක් සහ 2 වන ලෝක යුද්ධයේදී ඇමෙරිකාව විසින් භාවිතා කරන ලද සුපිරිතම යානය සහ 2 වන ලෝක යුද්ධයේ ප්‍රසිද්ධම ප්‍රහාරක යානය වූ P-51 mustang වර්ගයේ යානාවක් අයත් වේ.එම යානා අතරින් ඔහුගේ වඩාත්ම සිත් ගත් ගුවන් යානාව P-51 mustang යානාව වන අතර එය “kiss me kate” ලෙස නම් කර ඇත.එමෙන්ම Tom Cruise හොළිවුඩයේ විශාලතම ගුවන් යානා සංචිතයේ හිමිකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකුද වේ.

 

anjalina

මෙයා ගැනත් ඔක්කෝමලා දන්නවනේ.Tomb Raider, Mr & Mrs Smith,Salt,The tourist වගේ අගනාම ඝණයේ චිත්‍රපටි වලින් හොළිවුඩ් සිනමාවේ පෙරළියක් කළ සුපිරිම නිළියක් වන Angelina jolie ද Cessna – 208-B වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක හිමිකාරිණියක් වේ.

 

arnold

හොළිවුඩ් සිනමාවේ සිටි අයෝමය පුරුෂයන් දෙදෙනාගෙන් විශාලතම සිරුරට හිමිකම් කී arnold schwarzenegger ගැන නොදත් අයෙක් නැති තරම්. Predator,Commando,Terminator වන් ක්‍රියාදාම වලින් සපිරුනු චිත්‍රපට වලින් හොළිවුඩය සැරසූ මෙම අයෝමය පුරුෂයා මේ වන විට ඇමෙරිකාවේ කැළිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරයද දරනු ලබන අතර ඔහු සතුව Gulfstream G-5(Gulfstream-V) වර්ගයේ ජෙට් යානාවක් ඇත.

 

indiana

දශක කිහිපයක්ම තම සුවිශේෂී කළා කෞෂල්‍යයෙන් හොළිවුඩය විචිත්‍රවත් කල Harrison Ford නම් වූ මෙම අග්‍රගණ්‍ය කළාකරුවා Star Wars,Air Force One,Indiana Jones වැනි අගනා චිත්‍රපටි වලින් බටහිර සිනමාවේ මගසලකුණු සඳහන් කිරීමට තරම් දක්ෂයෙක් වූ අතර ඔහු සතුව Cessna 525 B-CJ3 වර්ගයේ ජෙට් යානාවක් සහ Aviat A1-B වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් ඇත.

 

jim

චිත්‍රපටි(Comedy) වලින් හොළිවුඩ් පුරය සැරසූ මෙම රංගන ශිල්පියා ගැන නොදත් අයෙකු නැති තරම්ය.පෞද්ගලිකව මාගේ ප්‍රියතම නළුවෙක්ද වන මොහු The Mask,Yes Man,Bruce Almighty,Fun with Dick & Jane වැනි හාස්‍යජනක චිත්‍රපට වලින් රසිකයින් අමන්දානන්දයට පත් කරවන ලදි. Jim Carrey නම් මෙම අසහාය රංගණ ශිල්පියා Gulfstream G-4 වර්ගයේ ජෙට් යානාවක සාඩම්බර හිමිකරුවෙක්ද වේ.

 

mel

දශක කිහිපයකට පෙරාතුව හොළිවුඩයට එක්වූ මෙම රංගණ ශිල්පියාද හොළිවුඩ් සිනමාවේ රිදී රේඛාවකි.Braveheart,We were Soldiers,Payback,Signs වැනි අගනා චිත්‍රපට වලින් රසික හදවත් පිනවූ මොහු Gulfstream-V(Gulfstream G-5)වර්ගයේ ජෙට් යානාවක සාඩම්බර හිමිකරුවෙකි.

 

johnjohn 2

80-90 දශකයේ බිහිවූ සාර්ථකම සහ දක්ෂතම නළුවෙක් වූ John Travolta සුදු චරිත සහ කළු චරිත දෙකොට්ඨාශයම රඟ දැක්වීමට උපන් හපනෙකි.Broken Arrow,From Paris with Love,Face Off,The Taking of Pelham 123,Sword Fish වැනි චිත්‍රපට වලින් තම අසමසම රංග කුසලතාවය එළි දැක්වූ මොහු හොළිවුඩ‍යේ සිටින අනෙක් විශාලතම ගුවන් යානා සංචිතයේ හිමිකරුවා ද වේ. Tom Cruise මෙන්ම John Travolta ද ගුවන් යානා 4 ක අයිතිකාරත්වය දරයි. Boeing 707 -138-B වර්ගයේ විශාල ප්‍රමානයේ ජෙට් යානයක්ද, Grumman – G-1159 වර්ගයේ මධ්‍යම ප්‍රමාණයේ ජෙට් යානයක්ද, Learjet- 24 වර්ගයේ සැහැල්ලු ජෙට් යානයක්ද, Beechcraft V35-B වර්ගයේ සහැල්ලු ගුවන් යානයක්ද මොහුගේ ගුවන් යානා සංචිතයට අයත් වේ.

 

nicole

හොළිවුඩයේ තවත් සුපිරිතම රංගන ශිල්පිණියක් වන මැය Days of Thunder,Batman Forever,The Others,The Interpreter,Cold Mountain,Australia,Just Go with It වැනි සුපිරි චිත්‍රපට වලින් තම රංගන කෞශල්‍ය ලොවට පෙන්වූ සුපිරි තාරකාවකි.එමෙන්ම මැය Gulfstream G-4 වර්ගයේ ජෙට් යානාවක සාඩම්බර හිමිකාරිණියකි.

Courtesy – randima rulz

Share

116 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.