Hollywood Critics සම්මාන පහක් RRR දිනා ගනී

Avatar Kavinu Weerakkody | March 2, 2023 108 Views 0 Likes 0 Ratings

108 Views 0 Ratings Rate it

කැලිෆෝනියා ප්‍රාන්තයෙ හි, ලොස් ඇන්ජලිස් නගරය මූලික කරගෙන ගොඩනැඟී තිබෙන Hollywood Critics Association සාමූහිකයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන HCA Films Awards හෙවත් Hollywood Critics Association Films Awards සිනමා සම්මාන උළෙල, නොකඩවා 06 වන වරට මෙවරත් පැවැත්වුනා.

ඇමරිකානු සිනමා කර්මාන්තයේ ජනප්‍රිය නලු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූ එහි සම්මාන ප්‍රදානය සිදු වූයේ පසුගිය පෙබරවාරි 24 වනදායි. අවසන් නිර්දේශවීම් 10ක් සමඟින් Everything Everywhere All At Once සිනමාපටය, වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වී තිබුනු අතර The Banshees of Inisherin නිර්දේශ වුනු සම්මාන ගණන 07ක්.

නමුත් මෙවර සම්මාන ප්‍රදානය අවසන් වන විට, උළෙලේ වැඩිම අවධානයක් දිනාගත් සම්මාන සියල්ලම පාහේ ජයග්‍රහණය කළේ ප්‍රේක්ෂකයින් විසින් බලාපොරොත්තු නොවූ නිර්මාණ කිහිපයකුයි. ඒ අතුරින් RRR ඉන්දියානු – තෙළිඟු භාෂාමය චිත්‍රපටයටත් සුවිශේෂී තැනක් ලැබෙනවා. ඒ නිර්දේශ වුනු සම්මාන කාණ්ඩ 06න්, 04ක්ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වීමත් සමඟයි.

පසුගිය වසරේ තිරගත වීම ඇරඹි RRR දකුණු ඉන්දියානු සිනමාපටය මේ වනවිට කෝටි 1200කට අධික මුදලක් උපයා ගනිමින් තවමත් ලෝ පුරා සීමිත සිනමා ශාලා කිහිපයක තිරගත වනවා. නමුත් නිෂ්පාදකවරුන් නොසිතූ අන්දමින් යුරෝපය සහ ඇමරිකානු රසිකයින්ගේ අවධානය RRR චිත්‍රපටයට යොමුවූ නිසා ඒ රටවල් ආශ්‍රිතව RRR චිත්‍රපටය දැඩි ලෙස ජනප්‍රියත්වයට පත් වුනා.
Golden Globes ඇතුළු බටහිර – ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදීම සම්මානයෙන් පිදුම් ලැබීමටත් එම චිත්‍රපටයට හැකියාව ලැබුනා.

පසුගියදා පැවැත්වූ මෙම Hollywood Critics Association Films Awards (2023) උත්සවයේදීත් ප්‍රධාන ශානරයේ සම්මාන 04ක් ඇතුළුව සමස්ත සම්මාන 05ක් දිනා ගැනීමට ඊට හැකියාව ලැබුනා. මෙම අවස්ථාවට චිත්‍රපටයේ අධ්‍යක්ෂක SS Rajamouli සහ ප්‍රධාන චරිත රඟපෑ Ram Charan සහභාගී වූ අතර Jr NTRගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් නිසා ඔහුට මෙම අවස්ථාව මඟ හැරී ගියා.

Best Action Film
Best International Film
Best Stunts
Best Original Song යන ප්‍රධාන සම්මාන හතරම දිනා ගත්තේ RRR සිනමාපටයයි. ඊට අමතරව උළෙලේදී පිරිනැමෙන ගෞරව සම්මානයක් වන “HCA Spotlight Award” සම්මානය ද ඔවුන්ට පිරිනැමුනා.

සිය සම්මාන ලබා ගනිමින් RRR අධ්‍යක්ෂක SS Rajamouli එහිදී කියා සිටියේ, දින 320කට අධික කාලයක් රූගත කරමින් ඉතා විශාල වෙහෙසක් මෙම චිත්‍රපටය වෙනුවෙන් දැරූ බවයි. ඉතා සුලු දර්ශන ප්‍රමාණයක් හැරුනුකොට අනෙකුත් සටන් සහ ක්‍රියාදාම දර්ශන සියල්ල Stunt Doubles භාවිතයකින් තොරව Ram Charan සහ Jr NTR දෙදෙනා විසින්ම සිදු කළ බවත්, ඒ කැපවීම වෙනුවෙන් ඔවුන්ට ස්තූති වන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.

මෙහි Best Original Song කාණ්ඩය යටතේ ජයග්‍රහණය කළ Naatu Naatu ගීතය එළඹෙන ඇකඩමි සම්මාන උත්සවය සඳහාත් නිර්දේශ වී තිබෙන අතර ඉන්දියානු ගායක kaala Bhairava විසින්, ගීතයේ සජීවී ගායනයක් ද ඇකඩමි උළෙලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

RRR සිනමාපටයට අමතරව මෙවර Hollywood Critics Association Films Awards (2023) හිදී සම්මාන දිනා ගත් සියලුම චිත්‍රපට සහ රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවක් පහතින් දක්වා තිබෙනවා.

Best Picture :-

Everything Everywhere All at Once
Avatar: The Way of Water
The Banshees of Inisherin
Elvis
The Fabelmans
RRR
Tár
Top Gun: Maverick
The Woman King
Women Talking

Best Director :-

Daniel Kwan and Daniel Scheinert – Everything Everywhere All at Once
Baz Luhrmann – Elvis
Gina Prince-Bythewood – The Woman King
James Cameron – Avatar: The Way of Water
Martin McDonagh – The Banshees of Inisherin
Park Chan-wook – Decision to Leave
S. S. Rajamouli – RRR
Sarah Polley – Women Talking
Steven Spielberg – The Fabelmans
Todd Field – Tár

Best Actor :-

Brendan Fraser – The Whale
Austin Butler – Elvis
Colin Farrell – The Banshees of Inisherin
Paul Mescal – Aftersun
Tom Cruise – Top Gun: Maverick

Best Actress :-

Michelle Yeoh – Everything Everywhere All at Once
Cate Blanchett – Tár
Danielle Deadwyler – Till
Michelle Williams – The Fabelmans
Viola Davis – The Woman King

Best Supporting Actor :-

Ke Huy Quan – Everything Everywhere All at Once
Barry Keoghan – The Banshees of Inisherin
Ben Whishaw – Women Talking
Brendan Gleeson – The Banshees of Inisherin
Brian Tyree Henry – Causeway

Best Supporting Actress :-

Angela Bassett – Black Panther: Wakanda Forever
Hong Chau – The Whale
Jamie Lee Curtis – Everything Everywhere All at Once
Keke Palmer – Nope
Kerry Condon – The Banshees of Inisherin
Stephanie Hsu – Everything Everywhere All at Once

Best Cast Ensemble :-

Everything Everywhere All at Once
Babylon
Glass Onion: A Knives Out Mystery
The Woman King
Women Talking

Best Voice or Motion-Capture Performance :-

Jenny Slate – Marcel the Shell with Shoes On
Antonio Banderas – Puss in Boots: The Last Wish
Ewan McGregor – Guillermo del Toro’s Pinocchio
Rosalie Chiang – Turning Red
Zoe Saldaña – Avatar: The Way of Water

Best Original Screenplay :-

Daniel Kwan and Daniel Scheinert – Everything Everywhere All at Once
Martin McDonagh – The Banshees of Inisherin
Seth Reiss and Will Tracy – The Menu
Steven Spielberg and Tony Kushner – The Fabelmans
Todd Field – Tár

Best Adapted Screenplay :-

Sarah Polley – Women Talking
Guillermo del Toro and Patrick McHale – Guillermo del Toro’s Pinocchio
Rebecca Lenkiewicz – She Said
Rian Johnson – Glass Onion: A Knives Out Mystery
Samuel D. Hunter – The Whale

Best Action Film :-

RRR
The Batman
Black Panther: Wakanda Forever
Top Gun: Maverick
The Woman King

Best Animated Film :-

Guillermo del Toro’s Pinocchio
The Bad Guys
Marcel the Shell with Shoes On
Puss in Boots: The Last Wish
Turning Red

Best Comedy :-

Glass Onion: A Knives Out Mystery
Bros
The Menu
Triangle of Sadness
The Unbearable Weight of Massive Talent

Best Documentary Film :-

Good Night Oppy
All the Beauty and the Bloodshed
Fire of Love
Moonage Daydream
Selena Gomez: My Mind & Me

Best Horror Film :-

The Black Phone
Barbarian
Bones and All
Nope
X

Best Indie Film :-

Marcel the Shell with Shoes On
Aftersun
Cha Cha Real Smooth
Everything Everywhere All at Once
Tár

Best International Film :-

RRR
All Quiet on the Western Front
Argentina, 1985
Close
Decision to Leave

Best First Feature :-

Charlotte Wells – Aftersun
Domee Shi – Turning Red
Elegance Bratton – The Inspection
John Patton Ford – Emily the Criminal
Lila Neugebauer – Causeway

Best Short Film :-

All Too Well: The Short Film
Moshari
North Star
Regret to Inform You
Triggered

Best Stunts :-

RRR
The Batman
Everything Everywhere All at Once
Top Gun: Maverick
The Woman King

Best Original Song :-

“Naatu Naatu”, sung by Rahul Sipligunj and Kaala Bhairava – RRR
“Hold My Hand”– Top Gun: Maverick
“Lift Me Up” – Black Panther: Wakanda Forever
“Nobody Like U” – Turning Red
“Vegas” – Elvis

Share

108 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.