රිතික්ට දැන් හොඳයි

Avatar Cinema.lk A | July 12, 2013 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

පසුගිය දා බැන්ග් බැන්ග් චිත්‍රපටයේ රූපගත කිරීමේ කටයුතු එම චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම වු ෆොක්ස් ස්ටාර් ආයතනයට තාවකාලිකව කල් දමන්න සිදුවුයේ, එහි ප්‍රධාන චරිතයට පණ පෙවු රිතික් රෝෂන්ට ඇති වු හදිසි අසනීප තත්ත්වයක් නිසාවෙනි.රූගත කිරීම් අතරවාරයේ රිතික්ව හදිස්සියේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළේ රිතික්ට ඇති වු තදබල හිසේ වේදනාවක් නිසාවෙනි.රිතික්ගේ රෝගී තත්ත්වයට පිළියම් සෙවීමේදී වෛද්‍යවරුන් හට දැනගන්න ලැබුණේ රිතික්ගේ මොළයේ වු ලේ කැටියක් නිසා මේ රෝගී තත්ත්වය උද්ගතව ඇති බවයි.මේ නිසා පසුගිය දා රිතික්ව හදිසි ශල්‍යකර්මයකටද භාජනය කළා.

වෛද්‍යවරුන් පසුගිය ඉරිදා රිතික්ගේ ශල්‍යකර්මය සාර්ථකව නිම කළා.දැනට තිස් නම වැනි වියේ පසුවන මේ බොලිවුඩ් වීරයා ඊයේ දිනයේ තම ප්‍රතිකාර ලැබු රෝහලෙන් පිටව ගියේ තමන් බලන්නට පැමිණි දහස් ගණනක් වු තම ආදරණීය රසිකයන්ට ආචාර කරමිනි.රිතික්ගේ රෝගී තත්ත්වය සුව අතට පත්වීමත් සමඟ ඉන්දීය මාධ්‍ය මේ පුවත් පළකරන්න පටන් ගත්තේ “යකඩ මිනිසා“ යන ශීර්ෂ පාඨයන් යොදාගෙනයි.

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.