කාංචන,12.12.12 දින යුග දිවියට

Avatar Cinema.lk A | November 26, 2012 43 Views 0 Likes 0 Ratings

43 Views 0 Ratings Rate it

කාංචන කොඩිතුවක්කු කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්.පසුගිය දිනෙක ඔහු ගැන උණුසුම් ආරංචියක් දැන ගන්නට ලැබුණා.මේ ආරංචිය තමයි ළගදී දවසක ඔහු විවාහ වීමට යනවග.තමන්ගේ අතගන්න සහකාරිය ගැන නම් කාංචන මාධ්‍ය වෙත කියා සිටියේ නෑ.හැබැයි වටින් ගොඩින් ආරංචි වෙන විදියටනම් ඇය ගුවන් සේවිකාවක් ලු.ඒ කොයිහැටි වෙතත් කාංචන විවාහ වීමට යන්නේ හරිම සුවිශේෂි දිනයක.ඒ දවස තමයි 12.12.12..තමන් ගේ විවාහ උත්සවය පවත්වන දිනය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙවැන්නක්

“මේ දවස එන්නේ වසර 100 පස්සේ නේ. අනික අංක 09 මගේ ජීවිතයට සම්බන්ධවන සුවිශේෂී අංකයක්. ඉතින් මේ අංක ටිකේ අවසාන එකතුවත් අංක 09. ඒ නිසා ඒ දිනක් යොදා ගත්තා.

විවාහ උත්සවය පවත්වන්න කටයුතු කරලා තියෙන්නේ මීගමුවේදී. විවාහ උත්සවය චාම් විදිහට පවත්වන්නයි දෙන්නාගෙම බලාපොරොත්තුව.ඔහු අරඹන්න යන මේ නව ජීවිතයට අපිත් සුභ පතනවා

Share

43 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.