ඇහැලේපොළ චිත්‍රපටයේ ලීක් වුනු ෆොටෝ
මේ දවස් රූගත කීරීම් සිදුකරන ඓතහාසික කතා තේමාවක් රැගත් සිනමා පටයක් තමයි ඇහැලේපොළ කුමාරිහාමි කියන්නේ.දුලානි අනුරාධා,ජැක්සන් ඇන්තනි, ලකී ඩයස්, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස් වැනි නළු නිළියන් විශාල ප්‍රමාණයකගේ රංඟන දායකත්වය සැපයෙන මේ නිර්මාණය කුවේනි සිනමා පටයේ අධ්‍යක්ෂක සුගත් සමරකෝන්ගේ අධ්‍යක්ෂණයකි.දැවැන්ත දර්ශන තල හා විශාල ප්‍රමාණයකගේ රංඟ දායකත්වය ලබාගනිමින් නිර්මාණය වු මේ සිනමාපටයේ රූ ගැන්වු අයුරු දැක්වෙන ඡායා රූප කිහිපයක් අපට ලැබුණා.මේ ඡායාරූප,නිල වශයෙන් පත්කරලා ඉන්න ඡායාරූප ශිල්පියෙක් ගත්ත ඒවා නෙවෙයි,මේවා අරන් තියෙන්නේ ජංගම දුරකතනයකින්.ඒ හින්දා මේවා එතරම්ම පැහැදිලි නැ.මේ ඡායාරූප පෙන්නන්නේ මේ නිර්මාණය කරන්න මේ ශිල්පීන් ගන්න මහන්සිය අගය කරනු පිණිසයි..
Written by Cinema.lk A