Need For Speed නුදුරේ දීම චිත්‍රපටයකට
Electronic Arts ක්‍රීඩා සමාගමේ Need For Speed පරිගණක ක්‍රිඩායේ නොයෙදුනු පුද්ගලයෙකු නැති තරම්. ඒ තරමට රසික ජනප්‍රියත්වයක් දිනාගත්ත Need For Speed පරිගණක ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය වන චිත්‍රපටයක් නුදුරේ දී තිරගත වීමට නියමිත යි. Aaron Paul, Imogen Poots හා Dominic Cooper වැනි ජනප්‍රිය නළු නිලියන් රංඟනයෙන් දායක වන මෙම චිත්‍රපටය නීති විරෝධි තරඟ වල යෙදෙන රියැදුරෙක් (Paul) වටා ගෙතුනු කතා පුවතක් ඇසුරෙනුයි නිර්මාණය වෙලා තියෙන්නේ. Paul නම් ඔහුගේ හොඳම මිතුරා තරඟයක් අතරතුරේදී මිය යනවා. ඒත් එකට වරදකරු වෙන්නේ Paul. මේ වරද වෙනුවෙන් සිරගත වෙන Paul තමන්ගේ මිත්‍රයා මැරූ පලිය ගන්නට හිතාගෙනයි හිරගෙදරින් නිදහස් වෙලා එන්නේ.
Dream works ආයතනය නිෂ්පාදන පිරිවැය දරණ මේ චිත්‍රපටය 70 දශකයේ මෝටර් රථ සම්ප්‍රදායේ ආභාශයෙන් නිර්මාණය වන්නක්. දැනය පසු නිෂ්පාදන අදියරේ පවතින මේ චිත්‍රපටය 2014 වසරේ පෙබරවාරි මස 7 වන දින තිරගත වීමට නියමිතයි. සාමාන්‍යෙයන් පෙබරවාරි මස තිරගත වන ක්‍රියාදාම චිත්‍රපට අසාර්ථක වීම හොලිවුඩයේ ලක්ෂණයක්. කෙසේ වෙතත් Act of Valor චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක Scott Waughගේ නිර්මාණයක් වන මෙය පෙබරවාරි මාසයේ තිරගත වන්නක් වුවත් වැඩි ආදායමක් ඉපැයිය හැකි චිත්‍රපටයක් වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වනවා.
Written by Cinema.lk